தமிழ்
English
Contact
Sunday 28th February 2021    
චීන අභ්‍යාවකාශ යානයෙන් චන්ද්‍රයාගේ පස් සාම්පල රැගෙන ඇවිත්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන අභ්‍යාවකාශ යානයෙන් චන්ද්‍රයාගේ පස් සාම්පල රැගෙන ඇවිත්!



චන්ද්‍රයා වෙත චීනයෙන් යවන ලද මිනිසුන් රහිත යානයේ පෘථිවය කරා පැමිණි කැප්සියුලය ඊයේ (17) මොංගෝලියාවේ හිම භූමියකට පතිතවී ඇත.

පසුගිය නොවැම්බර් 24 වනදා චීනයේ හෙනෑන්හි වෙන්චැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කරනු ලැබූ චැංජි – 5 යානා මෙහෙයුමේ මූලික අරමුණ වූයේ සඳේ මෙතෙක් ගවේෂණය කරනු නොලැබූ ගිනි කඳු සහිත ප්‍රදේශයකින් පස් සාම්පල ගෙන ඒම බව චීන අභ්‍යවකාශ ආයතනය පවසා තිබිණි.

මින්පෙර ඇමරිකාවේ ඇපලෝ සහ රුසියාවේ ලූනා මෙහෙයුම් වලින් චන්ද්‍ර පාෂාණ ගෙන එනු ලැබුවත් 1970 දශකයෙන් පසු චන්ද්‍ර ගවේශණයකින් පසු සාම්පල ගෙනඑනු ලැබූ පළමුවන අවස්ථාව මෙයයි.

මේ ආකාරයට චන්ද්‍රයාගේ මතුපිට සිට පස් සාම්පල කිලෝග්‍රෑම් 2-4ත් අතර ප්‍රමාණයක් එකතු කිරීම සඳහා යානයට දින දෙකක් පමණ ගතවී ඇත.
රැගෙන ආ පස් චීන අභ්‍යාවකාශ විද්‍යාඥයන්ගේ පරික්ෂණවලට යොමුකර ඇත.