தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
චීන-අමෙරිකා සීතල යුද තත්වයක් ඇති වෙලා - චීන විදේශ ඇමති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන-අමෙරිකා සීතල යුද තත්වයක් ඇති වෙලා – චීන විදේශ ඇමති



කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් චීනයයට ඇතිකරන බලපෑම නිසා ‘නව සීත යුද්ධයක’ තත්වයක් උද්ගතකර ඇති බව චීන විදේශ ඇමති වැන්ග් යී පවසයි.
පසුගිය වසර මුලුල්ලේම අමෙරිකා-චීන වෙළඳ යුද්ධය වර්ධනය වෙමින් පැවති අතර කොරෝනා වසංගතයත් සමග ඒක්සත් ජනපදය ඒහි නව මුහුණුවරක් ඇතිකර ඇත. විශේෂයෙන්ම ජනාධිපති ට්‍රම්ප් විසින් ‘චීන වෛරසය’ ලෙස කොරෝනා වසංගතය චීනයේ මූලිකත්වයෙන් බිහිකළ රෝගයක් බවට මතයක් නඩත්තු කරයි. නව කොරෝනා වයිරසය, හොංකොං හි තත්ත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෑත කාලයේ ඇමෙරිකාවත් චීනයත් අතර පැවති ආතති සහගත රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් නරක අතට හැරී ඇත.
චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ ඇමෙරිකාවේ දේශපාලන නායකයන් විසින් චීන-අමෙරිකා සබඳතා සිය අත්අඩංගුවේ පවත්වාගෙන යන තත්වයක් පැවතින බවයි. මෙම කරුණ තම රජෙය් අවධානයට යොමු වී තිබෙන බව පවසන චීන ඇමතිවරයා, දෙරට අතර නව සීත යුද්ධයක් ඇතිවීමේ තත්වය හටගන්නේ මේ නිසා බව පවසා ඇත.