தமிழ்
English
Contact
Monday 17th June 2019    
චීන ණය උගුලේ කෙන්යාව හසු වේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන ණය උගුලේ කෙන්යාව හසු වේ!



චීනයේ ‘තීරයක්, මාවතක්’ වැඩපිළිවෙළට සමාන්තරව ණය ලබාගෙන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සිදුකළ කෙන්යාවේ ආර්ථිකය ණය උගුලේ සිරවී ඇති බවත් ඒ නිසාම එරට ප්‍රධානම වරාය අහිමිවී යාමේ තත්වයක් උද්ගතව ඇති බවත් දැනගන්නට ඇත.
කෙන්යාවේ ප්‍රධානම වරායක් වන මොම්බසා වරාය(Port of Mombasa) ඇපයට තබමින් කෙන්යාව ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක ණය මුදලක් ලබාගෙන තිබෙන්නේ චීනයේ රාජ්‍ය බැංකුවක් වන එක්සිම් (China Exim Bank) හෙවත් එක්ස්පෝට්-ඉම්පෝට් බැංකුවෙනි. කෙන්යා දුම්රිය සමාගම (Kenya Railways Corporation -KRC) මොම්බසා-නයිරෝබි දුම්රිය මාර්ගයක් තැනීම සඳහා සඳහා වන මෙම ණය මුදල ලබාගැනීමේදී චීන එක්සිම් බැංකුවේ මෙම ණය මුදලට මොම්බාසා වරාය ඇපයක් ලෙස තබා ඇත.

එහිදී මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සේවා සපයා තිබෙන්නේ ද China Roads and Bridges Corporation (CRBC) චීන සමාගමක් වන විසිනි. මෙම සමාගම ද, චීන රජයට අයත් China Communications Construction Company (CCCC) ට අනුබද්ධිත ය. කෙන්යාවේ විගණකාධිපති එෆ්.ටී. කිමානි ප්‍රකාශ කරන ආකාරයට, චයිනා එක්සිම් බැංකුව වෙත කෙන්යාවට තිබෙන ණය වාරික, පොරොන්දු වූ පරිදි ගෙවීමට නොහැකි වන්නේ නම් මොම්බසා වරාය චීනයේ දේපළක් බවට පත්වනු ඇත. ණය කොන්දේසි අනුව, චයිනා එක්සිම් බැංකුව සමග යම් වාණිජ ආරාවුලක් ඇති වුවහොත්, එය සමථකරණ ක්‍රියාදාමයට යායුතු වන්නේ චීනය තුළදී ය. විගණකාධිපතිවරයා පවසන ආකාරයට ගිවිසුම ප්‍රකාරව මෙම කොන්දේසි පවතින නමුත් කෙන්යාවේ ආණ්ඩුව ඉදිරිපත් කළ ලේඛනවල එවැනි කොන්දේසි ගැන සදහනක් නැත.

කෙසේවෙතත්, කෙන්යාව ණය උගුලට හසුවීම ගැන පළවන පුවත් වාර්තා සහ මොම්බාසා වරාය පිළිබද තත්වය වැරදි ප්‍රචාරයක් බව චීන රජයේ ප්‍රකාශිකාවක්ද කරුණු දක්වා ඇත. චීනය අප්‍රිකාව ප්‍රමුඛ රාජ්‍යයන් ගණනාවක යටිතල පහසුකම් සංවර්ධනයට ලබා දෙන සහයෝගය නිසා වාණිජ වශයෙන් අර්බුදයට පත්ව ඇති ඇතැම් පටු අරමුණු ඇති රාජ්‍යයන් මෙවැනි ප්‍රචාරයන්ට සම්බන්ධ බවට එම ප්‍රකාශයේ සදහන්ය.

මේ අතර, මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කෙන්යා වරාය අධිකාරියේ සභාපති ඩැනියෙල් මැන්ඩුකු තමන් විසින් එවැනි විගණන වාර්තාවක් නිකුත්කර නැති බව ප්‍රකාශයට පත්කර ඇත. ඔහු මොම්බාසා වරාය සම්බන්ධ උද්ගතව ඇති ගැටලුව සම්බන්ධව පවසන්නේ මෙසේය. ‘‘අපිට ණය වාරිකය ගෙවන්න පුළුවන් බව විශ්වාසයි. වරාය නැති වෙන්නෙ නෑ, අපිට වෙන ණයක් අරගෙන වුණත් මේ ණය ගෙවන්න පුළුවන්!“

පසුගිය මාසයේ කෙන්යාවේ ආචාර ධර්ම සහ දූෂණ විරෝධී කොමිෂන් සභාව (Ethics and Anti-Corruption Commission (EACC)) විධායකයන් හත් දෙනෙක් අල්ලස් චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත. මොම්බසා වරාය ඇපයට තබමින් ඉදිකෙරෙන ඉහත කී දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මුදල් සැපයූ චීන රජයට අයත් CRBC සමාගමේ විධායක නිලධාරීන් වන ඔවුන් අතරින් 4 දෙනෙක් කෙන්යානුවන් වන අතර, 3 දෙනෙක් චීන ජාතිකයන්ය. SGR දුම්රිය ව්‍යාපෘතියේදී සිදුවූ දූෂණ විමර්ශන නිලධාරීන් වෙතද අල්ලස් ලබාදීමට ඔවුන් විසින් උත්සාහ කර තිබේ.