தமிழ்
English
Contact
Saturday 16th February 2019    
චීන තානාපතිත් මහනාහිමිවරු හමුවෙයි - අර්බුදයට විසදුම මහමැතිවරණය බව කියයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන තානාපතිත් මහනාහිමිවරු හමුවෙයි – අර්බුදයට විසදුම මහමැතිවරණය බව කියයි!



ලංකාවේ දේශපාලනඥයන් සිය සද්භාවය සනාථ කිරීමේ අරමුණින් මල්වතු හා අස්ගිරි නායක භික්ෂුන් හමුවීමේ ප්‍රවණතාව චීන තානාපති විසින්ද අනුගමනය කර තිබේ.

ලංකාවේ නව චීන තානාපති චෙන්ග් එක්ස්‍යුවෑන් ඉයේ(6) සිය බිරිය සමග දළදා මාළිගය වැද පුදාගැනීමට හා මල්වතු-අස්ගිරි නායක හිමිවරු හමුවීමට තිළිණ රැගෙන ගියේය. එහිදී ලංකාවේ දේශපාලනය පිළිබදවද අදහස් ඔහු විසින් පළකර තිබිණි. මෙරට මතුව තිබෙන දේශපාලන අර්බුද විසඳන්නට හැක්කේ ජනතාවට පමණක් බව පවසමින් ඔහු ඉගිකර තිබුනේ රාජපක්ස කන්ඩායමද ඉල්ලා සිටින මහමැතිවැණය සම්බන්ධවය. ඔහු කියා ඇත්තේ ජනතාව විසින් නිවැරදි තීරණ ගන්නේ නම් රටේ ගැටළු බොහොමයකට විසඳුම් ලැබනු ඇති බවය.

‘එකම තීරයක් එකම මාවතක්’ යන චීනයේ නව සංවර්ධන වැඩපිළිවෙළ හා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ පිළිවෙළ තුළ ගැලපීමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් එක්සිව්යුවෑන් මහනායක හිමිවරු දෙනම හමුවේ පවසා ඇත. සංවර්ධන වැඩපිළිවෙළ සඳහා නිරන්තරව දෙන සහයෝගයට හැර මෙරට දේශපාලන ප්‍රශ්නවලට අත පෙවීමට චීනය කිසි විටෙකත් අපේක්ෂා නොකරන බවත් චීන තානාපතිවරයා පැවැසීය.