தமிழ்
English
Contact
Saturday 19th June 2021    
චීන රොකට්ටුවේ සුන්බුන් ඉන්දියන් සාගරයට පතිත වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන රොකට්ටුවේ සුන්බුන් ඉන්දියන් සාගරයට පතිත වෙයි



පාලනයෙන් ගිලිහී ගිය චීනයේ Long March 5B රොකට්ටුවේ කොටස් ඉන්දීය සාගරයට කඩා වැටී ඇත.

චීන අභ්‍යවකාශ ඒජන්සිය සදහන් කරන්නේ එම කොටස් ඉන්දියාවට නිරිත දිග පිහිටි සාගර කලාපයට කඩා වැටී ඇති බවයි.
ඒ, ඉන්දියාව හා ශ්‍රී ලංකාවට නිරිත දිගින් වූ මාලදිවයින ආසන්න මුහුදු ප්‍රදේශයටයි.

චීනයේ වේලාවෙන් පෙරවරු 10.24 ට පමණ සුන්බුන් පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සුන්බුන්වලින් වැඩි ප්‍රමාණයක් වායුගෝලයේදී දැවී ගොස් ඇති බව චීන බලධාරීන් සඳහන් කර තිබේ.