தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
චීන රොකට් යානයක සුන්බුන් ඇදවැටීමේදී විය හැකි අවදානම ගැන අනතුරු ඇඟවීම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන රොකට් යානයක සුන්බුන් ඇදවැටීමේදී විය හැකි අවදානම ගැන අනතුරු ඇඟවීම්!



චීනයේ නිෂ්පාදිත Long March 5B නමැති රොකට්ටුවක සුන්බුන් කොටස් කිහිපයක් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට ඇදවැටීමෙන් අනතුරු ඇතිවීමේ අවදානමක් උද්ගතව ඇත.

මෙම රොකට්ටුවේ වේගවත් ඇද වැටීම තුළ දැවී ඉතිරිවන කැබලි වලින් සිදු විය හැකි අවදානම ඉතාමත් අවම වියහැකි වුවත්, එම සුන්බුන් කුමන ස්ථානයකට පතිත වේද යන්න පිළිබඳව නිශ්චිතව කිව නොහැකි බව චීන විද්‍යාඥයන්ම පවසා තිබේ. මේ වනවිට එක්සත් ජනපදය විසින් එම කැබලි ලොව ජනාවාස ප්‍රදේශයකට කඩා වැටෙනු ඇති බවට අනතුරු අඟවමින් චීනයට එරෙහි ජනමතය ගොඩනැඟීමට මෙම අවස්ථාව භාවිත කරමින් තිබේ.

චීනය විසින් මේ වනවිට ඉදිකරමින් තිබෙන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සඳහා සේවා පහසුකම් ගෙන ගිය මෙම Long March 5B රොකට්ටුව ආපසු පෘථිවි ආකර්ෂණයට හසුව ඇදී යනවිට ඉහළ වායු ගෝලයේදීම විශාල ප්‍රමාණයක් දැවී යනු ඇති නමුත් නොදැවෙන කොටස් පොළව මත ඇද වැටීමට නියමිතය. මින් පෙර අමෙරිකාව මෙන්ම රුසියාව(සෝවියට් දේශය) විසින් අභ්‍යාවකාශ ගතකළ රොකට් ඇතැම් අවස්ථාවල එවැනි කොටස් පාලනය කරමින් පොලොවට පතිත කරගැනීමට හැකි වුවද ඇතැම් රොක් හා අභ්‍යවකාශ යානාවල සුන්බුන් මේ වනවිට පොළොවේ ඉහළ අහසේ පාවෙන බවද ඒවා යම් කාලයක මහත් හිරිහැරදායක අපද්‍රව්‍ය බවට පත්වනු ඇති බවද විද්‍යාඥයෝ පවසති.

සෝවියට් දේශය, ඒක්සත් ජනපදය හා වෙනත් යුරෝපා රාජ්‍යයන් එක්ව ඉදි කළ ‘ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය’ (international Space Station) මේ වනවිට සක්‍රියව පැවතියද චීනය එම ව්‍යාපෘතියට සම්බන්ධ කර නොගැණුනි. මේ නිසා චීනය සිය අභ්‍යවකාශ ශක්තිය පෙන්වීමේ වැඩසටහනක් පසුගිය දසකය තුළ ආරම්භ කර ඇති අතර 2022වනවිට එය සම්පූර්ණ කිරීමට නියමිතය. කෙසේවෙතත් මෙම අභ්‍යවකාශ තරගය නිසා ලෝකයේ වෙනත් මානව ගැටලු විඳීම දෙවැනි තැනට දමා අනවශ්‍ය සම්පත්, මුදල් හා කාලය නාස්තියක් සිදුවන බවටද චෝදනා එල්ල වෙමින් පවතී. විශේෂයෙන්ම කොරෝනා වැනි වසංගතවලින් ලෝකයේ මානවයා ගලවා ගැනීමේ අභියෝගය තවදුරටත් පවතින නමුත් එ වෙනුවට අදටත් ජනාවාස කිරීමේදී අධික වියදමක් දැරිය යුතු වෙනත් ග්‍රහලෝක හා අභ්‍යවකාශය වෙත අවධානය යොමු කර අධික වැයශිර්ෂ වියදම් කිරීමට බවත් රාජ්‍යයන් තරගයක යෙදී සිටී.

චීනය විසින් ඉදි කරමින් පවතින ‘ටියාන්හි අභ්‍යවකාශ මධ්‍යස්ථානය’
දැනට පවතින ‘ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය’