தமிழ்
English
Contact
Friday 16th April 2021    
චීන Esquel ව්‍යාපාර සමූහයේ කොග්ගල Polytex කම්හල වසා දමයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චීන Esquel ව්‍යාපාර සමූහයේ කොග්ගල Polytex කම්හල වසා දමයි!



ගාල්ල කොග්ගල වෙළඳ කලාපයේ චීන ආයෝජනයක්වන Polytex ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන්ට වාර්ෂික ප්‍රසාද දීමනා නොගෙවීම සම්බන්ධ ප්‍රශ්න කළ පසුව ආයතනය වසා දමා ඇත.

පසුගිය සතියේ මෙම ආයතන කළමනාකාරිත්වය විසින් සේවක පිරිසට නොනිල වශයෙන් පවසා ඇත්තේ ආයතනයේ වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවීමක් සිදු නොවන බවය. වාර්ෂිකව අධික ලාභ උපයමින් පවත්වාගෙන ගිය කම්හලේ සේවක සේවිකාවන් මෙයින් විමතියටත් කලබලයටත් පත්ව ඇති අතර ප්‍රසාද දීමනා නොගෙවන්නට හේතු විමසා ඇත. එහිදී පරිපාලනයෙන් පවසා ඇත්තේ ආයතනයට සිදුව ඇති අලාභ හේතුවෙන් එවැනි අමතර ගෙවීම් කළ නොහැකි බවය.

මේ තත්වය පිළි නොගත් සේවක සේවිකාවන් සිය වාර්ෂික ප්‍රසාද දීමනා ඉල්ලා උද්ඝෝෂනික පියවර ගන්නට විය. අද දින වාර්ෂික ප්‍රසාද දීමනා සම්බන්ධ තීරණයක් ලබා දෙන බව පවසා තිබුණු බැවින් සේවක සේවිකාවන් කම්හලට පැමිණි විට කම්හල වසා දමන්නට තීරණය කර ඇති බව දනැගන්නට ලැබිණි. කෙසේවෙතත් මේ සම්බන්ධ පරිපාලනය සමග ඇති කරගත් සාකච්ඡාවලදී සති දෙකක් තුළ විසඳුම් ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දී ඇත.

Polytex ආයතනය 1983 ආරම්භ කරන ලද්දේ ලෝක පරිමාණ Esquel චීන ව්‍යාපාර සමූහයේ ආයෝජන සහිතවය. පසුව, එම ආයතනය 2018 වසරේදී පූර්ණ වශයෙන් Esquel හිමිකාරත්වයට පත් ව Esquel Sri Lanka Ltd.ලෙස නාමකරණය වනවිට කටුනායක කම්හල් දෙකක් ඇතුළුව රටපුරා කම්හල් 5ක හිමිකාරත්වයක් දක්වා වර්ධනය වී තිබිණි. කෑගල්ල හා කොග්ගල
Polytex කම්හල් පසුව ආරම්භ කරන ලද ඒවාය. කෙසේවෙතත් පසුගිය කාලයේ කටුනායක කම්හල් දෙකම වසා දමා ඇති අතර කොග්ගල කම්හල මෙසේ වසා දමන්නට සූදානමක් ඇති බවට කිසිදු පූර්ව දැනුම්දීමක් තිබුණේ නැත.