தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
චෝදනා ඇති මන්ත්‍රි තිලංග එ.ජ.නි.ස. වෙනුවෙන් කෝප් කාරක සභාවට නම් කරලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

චෝදනා ඇති මන්ත්‍රි තිලංග එ.ජ.නි.ස. වෙනුවෙන් කෝප් කාරක සභාවට නම් කරලා



ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධ චෝදනා ඇති පුද්ගලයකු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකයකු ලෙස පත් කිරීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පළ කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීරගේ අභිවය හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව සඳහා ජාතික ලැයිස්තුවෙන් පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පත් කරන්නට එ.ජ.නි.ස. තීරණයකර තිබේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127 (3) ප්‍රකාරව තේරිම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල කාරක සභාවේ සේවය පිණිස පත් කර ඇති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය. එහෙත් ඊට විරෝධය ප්‍රකාශ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක පවසා ඇත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳව පොදු ව්‍යාපාර කාරක සභාව හමුවේ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් එහි සමාජිකයෙකු ලෙස තිලංග සුමතිපාල පත් කිරීම සදාචාර විරෝධි ක්‍රියාවක් බවයි.
තිලංග සුමතිපාලමන්ත්‍රිවරයාට විරුද්ධව කෝප් කාරක සභාවේ පරීක්ෂණයක් සිදු වෙන බැවින්
එය අවසන්වන තුරු මන්ත්‍රිවරයා පත් නොකර ඉන්නට කථානායකවරයාට බලය ඇති බව ජ.වි.පෙ. මන්ත්‍රිවරයා පෙන්වා දෙන ලදී. එහිදී පිළිතුරු දුන් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කථානායකවරයාට ඒ ප්‍රතිචාරය දැනුම් දෙන බවයි.
එහිදී නැගී සිටි තිලංග සුමතිපාල මන්ත්‍රිවරයා පැවසුවේ තමන්ට කෝප් කාරක සභාවේ සමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් තිබෙන බවත් විරුද්ධව චෝදනා විභාග කෙරනෙ අවස්ථාවලදී පමණක් ඉන් ඉවත් වී සිටිය හැකි බවත්ය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඒ ගැන දන්නේ නැතිව කතාකරන බැවින් ඒ ගැන කණගාටුවෙන බවද තිලංග සුමතිපාල පැවසීය.