தமிழ்
English
Contact
Wednesday 25th November 2020    
ඡන්දෙට මොනවා කිව්වත් MCC ගිවිසුම අත්සන් කරන්නම වෙනවා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඡන්දෙට මොනවා කිව්වත් MCC ගිවිසුම අත්සන් කරන්නම වෙනවා!



මැතිවරණ වේදිකාවල කුමක් ප්‍රකාශ කළද ආණ්ඩුවට ‘මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් MCC ගිවිසුම අත්සන් කිරීමට සිදුවන බව හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ.විජේවර්ධන පවසයි.

MCC ගිවිසුම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ කලක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ස්වාධීන ආර්ථික විශ්ලේෂකයකු ලෙස අදහස් දක්වමින් පැවසුවේ, මෙම ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වාසිදායක වන බවය.

“ශ්‍රී ලංකාවට දැන් හැම ඩොලර් එකක් ම වැදගත්. ඒ නිසා මේක අත්සන් කරන එක හොද දෙයක්. ඡන්දවලදි කට්ටිය මොනව කිව්වත් දිනුවට පස්සේ ඒගොල්ලෝ ඒ දේවල් කරනවා. ඒක පසුගිය රජයත් කළා.”

මේ වනවිට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්වයක පවතින ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යාමට සෑම අවස්ථාවක්ම පාවිච්චි කිරීමට ආණ්ඩුවට සිදුවන බව පැවසූ හිටපු මහබැංකි නියෝජ්‍ය අධිපතිවරයා ඩොලර් මිලියන 480ක ප්‍රදානය අත්හැරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇති බවට විශ්වාසය පළ කළේය.

විපක්ෂයේ සිටියදී වත්මන් ආණ්ඩුවේ විවිධ කථිකයන් MCC ගිවිසුම දැඩි ලෙස විවේචනය කළද ආණ්ඩු බලය ලබාගත් විට ප්‍රකාශ කළේ එවැනි ගිවිසුම් වාසිදායක ලෙස භාවිතයට න්නා බවය. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයකු ලෙස මැතිවරණ ප්‍රචාරය අවස්ථාවේ MCC ගිවිසුම සම්බන්ධයෙන් විවේචනය නොකිරීමට ප්‍රවේශම් වු අතර මේ වනවිටද ඒ සම්බන්ධ අදහස් පළ කිරීමෙන් වැළකී සිටී.