தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ජනතාව මර්දනයට අධිකරණයට බලපෑම් කිරීම ඇරඹෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනතාව මර්දනයට අධිකරණයට බලපෑම් කිරීම ඇරඹෙයි



අධිකරණ විනිසුරුවරුන් සඳහා ඊයේ (13) දින පැවැත්වූ වෙබිනාර් සම්මන්ත්‍රණයක් සම්බන්ධයෙන් මේවනවිට සංවාදයක් මතුව තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ නීතිවේදීන්ගේ අදහස වන්නේ මෙය තමන්ට අවශ්‍ය පරිදි අධිකරණ පද්ධතිය හැසිරවීමේ ආණ්ඩුවේ උවමනාව මත සිදුවන්නක් බවයි.

ඊයේ (13) දින පෙරවරුවේ පැවැත්වූ මෙම ඔන්ලයින් සම්මන්ත්‍රණය සඳහා විනිසුරුවරුන් අනිවාර්යයෙන් සහභාගි විය යුතු බවත් ඊට ‘රාජකාරි’ නිවාඩු ලැබෙන බවත් අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා විසින් විනිසුරුවරුන්ට ලිඛිතව දන්වා ඇත.

එහි මාතෘකාව ලෙස සඳහන් වන්නේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධ කටයුතු මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.

මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීමට අසමත් වුවහොත් උසස්වීම්, වැටුප් වර්ධක, විදේශ පුහුණුවීම් හා මහාධිකරණ පත්වීම් ලබාදීම යන අවස්ථාවල නිර්දේශ ලබාදීමේදී සැළකිල්ලට ලක්වනු ඇති බව ඒ ලිපියේ දක්වා ඇත.

මෙය එක්තරා ආකාරයක බරපතල අනතුරු හැඟවීමක් ලෙස බොහෝ නීතිවේදීන් සඳහන් කරමින් සිටියි.

පසුගිය දිනවල ගුරු-විදුහල්පති සහ කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණ කිහිපයක් සම්බන්දයෙන් ඒවා තහනම් කිරීමට පොලීසිය විසින් කරන ලද ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් මහේස්ත්‍රාත්වරු සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ගැසට් නොකරන ලද ලිපි මත තීරණ ගැනීමට අධිකරණයට නොහැකි බවයි. එම පදනම මත පොලීසිය විසින් කරන ලද එම ඉල්ලීම් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ආණ්ඩුවේ අරමුණට පටහැනි තීරණ ගණනාවක්ම පසුගිය දිනවල ප්‍රකාශයට පත් විය. මෙවැනි තත්ත්වයකදී එවැනි තීරණ ලබාදීම වැළක්වීම සඳහා විනිසුරුවරුන්ට බලපෑම් කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වී ඇති බවට අදහස් පළවේ.