தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
ජනතා ප්‍රශ්න විසඳන විප්ලවීය වැඩපිළිවෙළක් පෙ.ස.ප. ඉදිරිපත් කරනවා - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනතා ප්‍රශ්න විසඳන විප්ලවීය වැඩපිළිවෙළක් පෙ.ස.ප. ඉදිරිපත් කරනවා – පුබුදු ජයගොඩ



ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ධනපති කණ්ඩායම්වලට නොහැකි බවත් ඒ් සඳහා සටන්කාමී නායකත්වයක් සහ විප්ලවීය වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

පෙ.ස.ප. 3වන ජාතික මහා සමුළුව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දියත් කර තිබූ අතර කොළඹ, කොටුව, දුම්රියපොළ ඉදිරිපිට පැවැති අත්පත්‍රිකා බෙදීමේ අවස්ථාවට ඒක් වෙමින් ඔහු මේ බව පැවසීය.
ජනාධිපතිවරණයක් ප්රකාශයට පත් කොට තිබෙන අවස්ථාවේ ජනතාවගේ සැබෑ ගැටලු යටපත් කරමින් දේශපාලන පක්ෂ තුළ හා අපේක්ෂකයන් අතර ගැටුම් කරලියට පැමිණ ඇති බවත් පැවසූ පුබුදු ජයගොඩ ඒ් වෙනුවට ජනතාවගේ සැබෑ සටන් පාඨ පෙරට ගැනීමටත් ඒ් වෙනුවෙන් සටන් කිරීමටත් නායකත්වය දීමටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය කැප වන බවද ප්රකාශ කර සිටියේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වැනි ජාතික මහා සමුළුව ලබන 13 වැනිදා කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.