தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ජනතා විරෝධයෙන් පසු ළමා රක්ෂණ අධිකාරිය නින්දෙන් ඇහැරෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනතා විරෝධයෙන් පසු ළමා රක්ෂණ අධිකාරිය නින්දෙන් ඇහැරෙයි



සමාජයේ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති කුඩා දැරියක ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ දර්ශන ඇතුළත් වීඩියෝව ඊට මුදා හළ මූලාශ්‍ර ගැන හෝඩුවාවක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය මගින් ඒ ගැන මූලික විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ඒ අනුව මෙම හඳුනාගැනීම් කර ඇතැයි ද මහාචාර්ය විදානපතිරණ මෙහිදී පවසා තිබේ.

වීඩියෝවට අදාළ සිදුවීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනියකගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ද ඉදිරියේ දී ඇය තවත් තොරතුරු ලබාදීමට නියමිත යැයි ද ඔහු පවසා ඇත. රජයේ රස පරීක්ෂකවරයාට එම වීඩියෝව ලබා දී ඊට අමතරව අධිකාරියේ පොලිස් ඒකකය මගින් වෙනම විමර්ශනයක් සිදුවන්නේ යැයි ද මහාචාර්ය විදානපතිරණ පවසයි.

එම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව විවේචන එල්ල කළ ද ළමා අපයෝජන සිදුවීමක් බැවින් සංවේදී ලෙස විමර්ශන කිරීමට සිදුව ඇතැයි සභාපතිවරයා පවසා තිබේ. නමුත් මාස එකහමාරකට ආසන්න කාලයක් ගතව ඇතත් එම පරීක්ෂණවලට අදාළ මූලික පියවරවත් නොගැනීමේ හේතුව ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පැහැදිලි කොට නැත.

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මෙම සිදුවීමට බලධාරින් නීතිය ක්‍රියාමක කරන්නේ මන්දගාමීව යැයි චෝදනා කරමින් පසුගියදා කොළඹ දී උද්ඝෝෂණයක් පවත්වා සහ ළමා රක්ෂණ අධිකාරියට ලිපියක්ද බාරදුන් අතර නීතිඥ සේනක පෙරේරා විසින් මේ ගැන එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට ද (යුනිසෙෆ් ආයතනය) පැමිණිල්ලක් කර තිබිණි.