தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
'ජනතා සැලැස්ම' ඉදිරියට ගෙන යායුතු සාකච්ඡාවකට ගත යුතු ලියැවිල්ලක්! - සුමනසිරි ලියනගේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

‘ජනතා සැලැස්ම’ ඉදිරියට ගෙන යායුතු සාකච්ඡාවකට ගත යුතු ලියැවිල්ලක්! – සුමනසිරි ලියනගේ



නව නගර ශාලාවේ පැවති ජනතා අරගල මධ්‍යස්ථානයේ සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කළ ‘ජනතා සැලැස්ම’ සාකච්ඡාවට ගත යුතු ලියැවිල්ලක් බවද එම ප්‍රයත්නය ඉදිරියට ගෙන යාම පිණිස යම් යෝජනා එක් කරමින් වැඩිදෙනාගේ අදහස් සහිත සාකච්ඡාවක් ඉදිරිට ගෙන යායුතු බවද  ආචාර්ය සුමනසිරි ලියනගේ පවසයි.

වාමාංශික මත දක්වන්නකු ලෙස පසුගිය කාලයේ රාජපක්ෂ පාලනයට මෙන්ම එයට විකල්ප ලෙස ඉදිරිපත් කළ යහපාලන ආණ්ඩුව සම්බන්ධ තියුනු විවේචන ඉදිරිපත් කළ ඔහු, ජනතා අරගල මධ්‍යස්ථානයේ “සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය- ආර්ථික යුක්තිය ජන බලයෙන් ගොදනගන ජනතා සැලැස්ම“ ඉදිරිපත් කළ සම්මන්ත්‍රණයට සහභාගි වීමෙන්ට පසුව ෆේස්බුක් සමාජජාල පිටුවේ සටහනක් තබා තිබිණි.

ඔහු එහි මෙසේ සටහන් කර තිබිණි.

“ජනතා අරගල මධ්‍යස්ථානයේ සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කළ ‘ජනතා සැලැස්ම’ දොරට වඩන ලද සාකච්චාවට අද මා සහභාගි වුනා. සාකච්ඡාව අරඹමින් කුමාර් ගුණරත්නම් කළ කථාව කලකින් මා ඇසූ අනර්ඝ ගණයේ කථාවක්. එය අවසන් වූ ගමන්ම මා ශාලාවෙන් පිටව ආවේ රාත්‍රි ගමන් අපහසුව නිසා. දොරටුවෙන් මා එම ජනතා සැලැස්ම පිටපතක් මිලදී ගත්තා. එය හොද ලියවිල්ලක්. එත් මට හිතුනා විවේචනයක් හැටියටම නූනත් මගේ නිරීක්ෂණ කිහිපයක් සටහන් කරන්න. ඇත්තටම නම් නිරීක්ෂණ හතරක්.

1. සැලැස්මේ කරුණු පෙළගසා ඇත්තේ ප්‍රධාන මාතෘකා තුනක් යටතේ, එනම්, රාජ්‍ය ව්‍යුහය, ආර්ථික පරිවර්තනය සහ ජාතික ප්‍රශ්නය. ඒවා වර්තමාන ව්‍යුහාත්මක අර්බුදයේ මූලික පැතිකඩ තුනබව ගැන සැකයක් නෑ. මා කැමතියි සිව්වැන්න ලෙස පරිසරය එකතුකළේ නම්.

2. සැලසුම අනන්‍යකළ තේමාවන් තුන සදහා විසදුම් යෝජනා වෙන වෙනම සාකච්ඡා කරනව. එහි වරදක් නෑ. එහෙත් මට පෙනෙන්නේ මෙම ප්‍රශ්න තුනම එකිනෙකට බැදෙනව. එමනිසාම විසදුම් සෙවිය යුත්තේ මෙම අන්තර් සම්බන්ධය සැලකිල්ලට ගනිමින්. නිදසුනක් ලෙස රාජ්‍ය ව්‍යුහය සහ ජාතික ප්‍රශ්නය එකට බැදෙනව. ඒවා එකට විසදිය යුතු දේ. ඒවිතරක් නොවෙයි, ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සමග රාජ්‍ය ව්‍යුහය සම්බන්ධයි. මෙන්න මේ සමස්ත දෘෂ්ඨියකින් මෙම ව්‍යුහාත්මක අර්බුදය ලෙස බලන්නේ නම් මෙම ප්‍රශ්න තුන මෙන් පරිසර ප්‍රශ්නයටද එකට බැදුන විසදුම් අමුණාගත හැකියි.

3. සැලසුම වර්තමාන මානව අයිතීන් පිළිබද කතිකාව ඒ හැටියෙන්ම පිළිගන්නාබවක් ඇගවීමට සලකුණු දැකිය හැකිවේ. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ලෙස කියවෙන දේ වැදගත්. තෙවන පරම්පරාව දක්වා වර්ධනය කෙරෙන විට අලුත් දේ එකතුකෙරුන බවත් ඇත්තක්. කුමාර් සහෝදරයා නිවැරදිව දැක්වූ ලෙස මෙම එකතු කිරීම් වලට පහළ මාලයේ ජන අරගල දැක්වූ දායකත්වය විශාලයි. එහෙත් අප එක් කරුණෙක් අමතක නොකළ යුතුයි. එනම් මානව හිමිකම් පිළිබද කතිකාව අද පත්ව ඇත්තේ අධිරාජ්‍යවාදී පාලන තාක්ෂණයේ අවයවයක් ලෙස ය. එම කරුණ නොසලකා මානව හිමිකම් නගා සිටුවීමට ගෙන ඇති වෑයම නොමග යවන සුලුයි. මෙය යම් ප්‍රමාණයකට ප්‍රතිසංස්කරණවාදී නැඹරුවකට හේතුවේය යන බිය මාතුළ ඇතිකරයි.

4. කිසියම් හේතුවක් නිසා සැලැස්ම අධිරාජ්‍යවාදය පිළිබද ප්‍රශ්ණය ප්‍රමාණවත් ලෙස පෙරට ගෙන එන්නේ නැත. ලෝක ක්‍රමය තුළ පෙර නොවූවිරූ ලෙස අධිරාජ්‍යවාදය පිළිබද ප්‍රශ්ණය අද තීරණාත්මක එකක් ය. නවලිබරල් ගෝලීය ක්‍රමය යනු අධිරාජ්‍යවාදයේ බිහිසුණුම අදියර ය. 

මේ නිරීක්ෂණ මගින් මා කුමන ආකාරයකින්වත් මෙම ප්‍රයත්නයේ වැදගත්කම බාල්දු කිරීමක් අදහස් නොකෙරේ. මෙවන් සාකච්ඡාවක් මෙම ප්‍රයත්නය පෙරට ගෙනයාමට දායක වේයැයි මම සිතමි.”