தமிழ்
English
Contact
Friday 6th December 2019    
ජනාධිපතිකම නිසා ගෝඨා මැදමුලන නඩුවෙන් නිදහස්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිකම නිසා ගෝඨා මැදමුලන නඩුවෙන් නිදහස්!



මහජන මුදල් රුපියල් තුන් කෝටි තිස්නව ලක්ෂයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි පවරා තිබුණු නඩු කටයුත්ත අවසන් කිරීමට ත්‍රිපුද්ගල විහේෂ මහාධිකරණය අධිකරණය අද (21) තීරණය කළේය.

ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී මහජන මුදල් අවභාවිත කරමින් ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට ඔහු කළ මැදිහත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි. ජනාධිපතිවරයා මෙම චෝදනාවෙන් නිදහස්කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

මෙසේ නඩුවේ චෝදනාවලින් ජනාධිපතිවරයා නිදහස් කිරීමට අදිකරණ තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයාට ඇති අධිකරණ මුක්තිය පදනම් කරගනෙය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35( 1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයක් හමුවේ සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති හෙයින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුත්ත අවසන් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය.

ඒ අනුව ගෝඨාභය ජනාධිපතිවරයාට එරෙහි නඩු කටයුතු අවසන් කරමින් ඔහු මුදාහැරීමටත් දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරමින්
අධිකරණ බාරයේ ඇති විදෙස් ගමන් බලපත්‍රය යළි භාරදීමටත් විනිසුරු මඬුල්ල විසින් නියෝග කරන ලදී. නොවැම්බර් 29 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දිය සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.

කෙසේවෙතත් මැදමුලන නඩුවේදී රජයේ මුදල් අවභාවිතය පිළිබඳ චෝදනා ලැබූ සෙසු විත්තිකරුවන් 6 දෙනා සම්බන්ධ ක්‍රියාමාර්ග ඉදිරි නඩුවාරයේදී අධිකරණයට දැනුම් දෙන බව ද නියෝජ්‍ය සොලිසිටර්වරයා දන්වා සිටි අතර මෙම නඩුව ජනවාරි 09 වනදා යළි කැඳවීමට නියම විය.