தமிழ்
English
Contact
Thursday 21st March 2019    
ජනාධිපතිගෙ පෞද්ගලික ලේකම් පරිගණක හොරෙක්? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිගෙ පෞද්ගලික ලේකම් පරිගණක හොරෙක්?



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගියදා තම පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස පත්කරගනු ලැබූ ජනක රණවකට පරිගණක දත්ත සොරකම් කිරීමේ චෝදනාවක් එල්ල වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුවන ජනක රණයවක විසින් වත්මන් නගරාධිපති මධුර විතානගේ උප නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ 2013 වසරේ ජූලි මස 17 වනදා ඔහු පරිහරණය කරන පෞද්ගලික පරිගණකයට පිවිසීම, එහි දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ. හිටපු නගරාධිපතිවරයාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ චෝදනා පත්‍ර ඊයේ(09) විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරුවන් බව ජනක රණවක සහ තවත් විත්තිකරුවන් දෙදෙනකු කියා සිටියහ. කෙසේවෙතත් නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පැමිණිලිකාර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා නඩු විභාගය පෙබරවාරි මස 28 වනදා දක්වා කල් දමන ලදී.

වත්මන් නගරාධිපති මධුර විතානගේ සතු පරිගණකයට අයුතු ලෙස ප්‍රවේශ වී එහි තිබූ දත්ත සොරකම් කිරීම තුළින් පරිගණක අපරාධ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු නගරාධිපති ජනක රණවක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.