தமிழ்
English
Contact
Thursday 21st March 2019    
ජනාධිපතිගේ මානසික තත්වය පරික්ෂා කිරීමේ ඉල්ලීම ඉවතට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිගේ මානසික තත්වය පරික්ෂා කිරීමේ ඉල්ලීම ඉවතට!



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සදහා අභියාචනාධිකරණය හරහා ආඥාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තක්ෂිලා ලක්මාලි ජයවර්ධන ඉදිරිපත් කළ පෙත්සම නඩු ගාස්තුවට යටත් කර ඉවත දමන ලදී.

ඊයේ(7) අභියාචනාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කලේ පෙත්සම මගින් ඉල්ලා සිටින ආකාරයේ නියෝගයක් නිකුත් කිරීමට අදිකරන බලයක් නොමැති බව දක්වමිනි. පෙත්සම්කාරියගේ ඉල්ලීම වූයේ මානසික ආබාධ ආඥාපනත යටතේ පොලිස් ස්ථානාධිපතිවරයකුට පැවරෙන වගකීමක් ලෙස දිස්ත්‍රික් අධිකරණයකදී ජනාධිපතිවරයාගේ මානසික සෞඛ්‍ය තත්වය පිළිබද වාර්තාවක් ඉල්ලා සිටින්නට හැකියාව ඇති බැවින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස නියෝග කරන ලෙසයි.