தமிழ்
English
Contact
Monday 22nd April 2019    
ජනාධිපතිගේ සමනල් කතාව ගැන මහින්ද සමරසිංහගෙන් පැහැදිලි කිරීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිගේ සමනල් කතාව ගැන මහින්ද සමරසිංහගෙන් පැහැදිලි කිරීමක්



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා පැවති රැලියකදී පසුගිය රජයේ තීන්දු සමනල කණ්ඩායමක් විසින් ගනු ලැබූ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් සම ප්‍රකාශක මහින්ද සමරසිංහ පවසා සිටියේ එය කිසිදු ලිංගික ජනකොටසක් පදනම් කරගෙන සිදු නොකළ බවත් එයට ඕනෑම කෙනෙකුට ඕනෑම අර්ථකතන දිය හැකි බවයි.

ඊයේ(07) කොළඹදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. .

“මෙම ප්‍රකාශය හරහා සමහරු දේශපාලන වශයෙන් වාසි ගන්න බලනවා. යයි ඇහිඳ සමරසිංහ පවසා තිබුණි.

සමනලයා කියන්නෙ අහිංසක සතෙක්. ඒ සමනලයාව වැරදි විදියට පාචිච්චි කරල තියෙන්නෙ” කැබිනට් සම ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල එහිදී පැවසීය.

කැබිනට් ප්‍රකාශකවරුන් මෙලෙස පැවසුවද ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදුකර කතාව මදකට නවත්වා සෝපාහසයෙන් සිනාසෙනු දැකිය හැකිවිය. ජනාධිපතිවරයාට අවශ්‍ය වූවේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයට විවේචනයක් එල්ල නොකොට ලිංගික දිශානතිය පදනම් කරගෙන ආපහාස කිරීමට බව පැහැදිලිය.