தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 20ක්! - දේශපාලන පක්ෂ 15ක් දැනටමත් දැනුම් දීලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 20ක්! – දේශපාලන පක්ෂ 15ක් දැනටමත් දැනුම් දීලා



එළඹෙමින් පවතින ජනාධිපතිවරණයට අපෙකේෂකයන් 20ක් පමණ තරගකිරීම අපෙක්ෂා කෙරෙන අතර ලියාපදිංචි දේශපාලන පක්ෂ 15ක් දැනටමත් තම ජනාධිපතිවරණ අභිලාෂයන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේද නැතිද යනවග දැනුම් දෙන ලෙස පසුගිය සතියේ මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සියල්ලටම දැනුම් දෙන ලදී. ඒ අනුව දේශපාලන පක්ෂ 15ක් ජනාධිපතිවරණයට තරග කිරීමේ අභිලාෂය දැනුම්දී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. මෙසේ දැනුම් දී ඇති පක්ෂ අතර ශ්‍රිලංකා නිදහස් පක්ෂය,
පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් ලංකා මහ සභාව, එක්සත් ජාතික පක්ෂය, ජනසෙත පෙරමුණ, නව සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය වේ.

මීට අමතරව ස්වාධීන අපේක්ෂකයන් ලෙසද පුද්ගලයන් ඉදිරිපත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.