தமிழ்
English
Contact
Monday 26th October 2020    
ජනාධිපතිවරණයට එනවා නම් එ.ජා.ප. ආශිර්වාදයෙන්මයි - කරු ජයසූරිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණයට එනවා නම් එ.ජා.ප. ආශිර්වාදයෙන්මයි – කරු ජයසූරිය



ප්‍රධාන පෙළේ භික්ෂුන්, විද්වතුන්, දේශපාලන ක්‍රියාකාරින් හා සිවිල් සමාජ කණ්ඩායම් විසින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම් තමා පිළිගන්නේ නම් ඒ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ අරමුණින් පමණක් යැයි කතානායක කරු ජයසූරිය නිවේදනයකින් නිකුත් කරමින් කියා සිටී.
එමෙන්ම තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ එක්සත් ජාතික පෙරමුණේ සියලුදෙනාගේ ආශීර්වාදය ඇතිව පමණක් බවද කතානායකවරයා සදහන් කර තිබේ. ජනාධිපතිවරණයට එ.ජා.ප. නියෝජනය කරන අපේක්ෂකයා පිළිබඳ ස්ථිර බවක් නැති තත්වය තුළ කථා්‍නායකවරයාගේ ප්‍රකාශය නිකුත්ව තිබේ. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මෙන්ම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ද අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත්කර තිබියදී කරු ජයසූරිය පවසන්නේ තමන් පැමිණෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් අපේක්ෂකයා ලෙස බවය. ජ.වි.පෙ. විසින් ගෙන එන ලද 20 වැනි සංශෝධනයෙන්ද විධායක ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ල ාසිටි අතර කරු ජයසූරිය එවැනි සටන් පාඨයක් සමග පැමිණියහොත් ජඅ.වි.පෙ. සහායද ලැබෙනු ඇතැයි ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළකරමින් සිටී.