தமிழ்
English
Contact
Sunday 15th December 2019    
ජනාධිපතිවරණයට පෙර ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදියා තවමත් රෝහලේ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණයට පෙර ප්‍රහාරයට ලක් වූ මාධ්‍යවේදියා තවමත් රෝහලේ!



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ සිදුව ඇති වංචා දූෂණ පිලිබඳව ලියූ මාධ්‍යවේදී ලසන්ත විජයරත්න නොවැම්බර් 14 වැනිදා මැර ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා තවමත් රෝහල්ගතව සිටී.
“‍නාස්තිකාර සංවර්ධනය හා දූෂනය”‍ නමින් රාජපක්ෂ පාලනයේ වංචා සම්බන්ධ අනාවරණයන් සහිත පොතක් ලියූ මාධ්‍යවේදී ලසන්ත, රාජපක්ෂ සමයේදී ක්‍රියාත්මක කළ නෙලු‍ම් කුලු‍ණ, මිලිටරි සංකීර්ණ වැනි මෙගා ව්‍යාපෘතිවලදී සිදුව ඇති මුල්‍ය වංචා සහ අක්‍රමිකතා එයින් අනාවරණය කර ඇත. මහබැංකු වාර්තා සහ විවිධ ආර්ථික විශ්ලේෂකයන් එම ව්‍යාපෘති සම්බන්ධයෙන් සිදුකොට තිබෙන විශ්ලේෂණ තම කෘතියේ මූලාශ්‍ කරගත්ර බව ඔහු පවසයි. රාජපක්ෂ පාලනයේ දූෂිත බව හෙලදරව් කිරීම හේතුවෙන් රාජපක්ෂගේ මැරයන් මෙම පහරදීම සිදු‍ෙල බව අනුමාන කළ හැකිය.

14 වැනිදා අලු‍යම 2.45 ත් 3.00ත් ත් අතර නිවසට පැමිණ කතාකළ මැරයන් සම්පූර්ණයෙන් මුහුණු ආවරණයවන සේ හෙල්මට් දමාගෙන සිටි බවත් ඔවුන් නිවසට ඇතුළු වී මාධ්‍යවේදීයාගේ හිසට පිස්තෝලයක් තබාගෙන සිටි අතර අනෙකා ඔහුගේ බිරියගේ හිසට පිස්තෝලයක් තබා උදව් ඉල්ලා කෑගැසුවොත් මරාදමන බවට තර්ජනයකර ඇත. බිරිය විසින් මහත් ආයාචනා කරමින් තමන්ගේ සැමියා ඝාතනය නොකරන ලෙස මැරයින්ට ආයාචනය කළ බව මාධ්‍යවේදී ලසන්ත කනගාටුවෙන් පවසයි.
මාධ්‍යවේදීයාගේ ඔලු‍වට පිස්තෝලය තැබූ මැරයා ඔහු ලියූ කෘතිය වන “‍නාස්තිකාර සංවර්ධනය හා දූෂණය”‍ පිළිබඳ ප්‍රශ්නකරමින්, “රාජපක්ෂගේ ව්‍යාපෘතිවල මොනම හොඳක්වත් උඹ දකින්නේ නැද්ද?”‍ යනුවෙන් විමසමින් කිසියම් දෙයකින් හිසට පහරදී තිබේ. එසේම දැනට විකිනීම සඳහා භාරදී ඇති මාධ්‍යවේදී විජයරත්නගේ කෘතියේ පිටපත් එම පොත් සාප්පුවලින් වහාම ඉවත් කරගන්නා ලෙස තර්ජනය කළ මැරයෝ, ඔහුගේ ෆෙස්බුක් පිටුව හරහා රාජපක්ෂට දිගටම “පහරදුන්”‍ පෝස්ටු ඉවත් කර ගන්නා ලෙසත් බලකර ඇත. ඉන් අනතුරුව එක් මැරයෙකු විසින් කඩුවකින් කෙටීමට ගත් උත්සාහය අතින් වැලක්වීමට යාමේදී විජයරත්නගේ වම් අතට දරුනු කැපුම් තුවාල සිදුව තිබේ. එයින් නතර නොවූ මැරයෝ පොල්ලකින් පහරදී රූපවාහිනිය ඇතුලු‍
නිවසේ ගෘහභාණ්ඩවලට දැඩි ලෙස හානි කර තිබේ.
මාධ්‍යවේදී ලසන්ත විජයරත්න තවමත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පොලිසිය විසින් තවමත් කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නැත. මෙම සිදුවීම රාජපක්ෂ පාලන සමයේ සෙසු මාධ්‍යෙව්දින්ට හා දේශපාලන ක්‍රියාතාරින්ට මුහුණ දෙන්නට සිදු වූ පැහැරගැනීම්, පහරදීම් හා ඝාතන ලෙසින්ම යට ගැසීමේ අවදානමක් තිබේ.

(මූලාශ්‍රය – ලෝක සමාජවාදී වෙබ් අඩවිය)