தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
ජනාධිපතිවරණයෙදි ඡන්දය දෙන්න මිලියන 16ක් සුදුසුකම් ලබලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණයෙදි ඡන්දය දෙන්න මිලියන 16ක් සුදුසුකම් ලබලා!



එළඹෙමින් තිබෙන ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්දදායකයන් මිලියන 16 කට ආසන්න ප්‍රමාණයක් සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිෂන් සභා මූලාශ්‍ර පවසයි.

2017 ඡන්ද නාම ලේඛනය අනුව ලියාපදිංචි ඡන්දදායක ප්‍රමාණය 1,57,60,867 ක් වූහ. 2018 චන්ද නාමලේඛනය අනුව එම ගණන එක්කෝටි පනස් නවලක්ෂ අනූ දෙදහස් අනූ හය (1,59,92,096) කි. ඒ අනුව වසරක් තුළ ඡන්දදායකයන් ප්‍රමාණය 2,31,229 කින් ඉහළ ගොස් තිබේ. 2015 ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකයන් ප්‍රමාණය 1,50,44,490 කි. ඒ අනුව චන්දදායක සංඛ්‍යාව පසුගිය ජනාධිපතිවරණයට වඩා 9,47,606 කින් වැඩිව තිබේ.

ලංකාවේ මැතිවරණවලදී සාමාන්‍යයෙන්  20% ට ආසන්න ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටින අතර සළකුණු කරන ඡන්දවලින්1%පමණ අවලංගු ඡන්ද බවට පත්වේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී භාවිතා කරන, සමස්ත වලංගු ඡන්ද ප්‍රතිශතය 80% ක් ලෙස සැලකුවහොත් එම ප්‍රමාණය එක්‍කෝටි විසිඅට ලක්ෂයකි. (1,28,00,000)

මේ අනුව, ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමට නම් අපේක්ෂකයකු විසින් මෙම ඡන්ද ප්‍රමාණයෙන් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් එනම්, 64,00,000 වඩා වැඩි ප්‍රමාණයක් ලැබිය යුතුය.