தமிழ்
English
Contact
Sunday 15th December 2019    
ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රවාහනය ඇනහිටීමෙන් වතු ජනයාට දුෂ්කරතා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රවාහනය ඇනහිටීමෙන් වතු ජනයාට දුෂ්කරතා!



ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරිමට පැමිණි  කොළඹ සේවය කරන වතුකරයේ ජනතාව නැවත කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් දැඩි අසිරුතාවයන්ට පත්වූහ.

අද ( 19) දෙවන දිනද හැටන්  බස් රථ නැවතුම්පළ භුමියේ විශාල මගින් ප්‍රමාණයක් රැඳි  සිටින අතර බස් රථ නිසි ලෙස නොමැති විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවට ඔවුහු චෝදනා කරති. මෙසේ නිසි ලෙස බස් රථ නොමැති විමෙන්  ඊයේ ද කොළඹ යාමට පැමිණි ජනයා නැවත නිවෙස් බලා ගියහ. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමට බලා සිටින සමහර පුද්ගලික බස් රථ හැටන් සිට කොළඹ බලා ගමන් කිරිමට අය කරන රුපියල් 185/= වෙනුවට රුපියල් 300/= අයකරන බවද එම බස් මගිහු  පවසති.