தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
ජනාධිපතිවරණයේදී තොන්ඩමන්ගේ සහය ගෝඨාට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණයේදී තොන්ඩමන්ගේ සහය ගෝඨාට



ජනාධිපතිවරණයේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ පුර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තම පක්ෂයේ විධායක සභාව තීරණය කළ බව එම පක්ෂයේ නායක ආරුමුගන් තොණ්ඩමන් පවසා තිබේ.

හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථනායේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය කුමන අපේක්ෂකයාට ලබාදෙන්නේ ද යන්න පිළිබඳවපැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් පසුව පැවති මාධ්‍යය හමුවේදී තොණ්ඩමන් මේ බව පවසා ඇත.

වතුකරයට බලපාන ප්‍රධාන ගැටළු 32 සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා පැවැත්වූ බවත්, එම සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තම පක්ෂයේ විධායක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව විධායක සභාව ජනාධිපති අපෙක්ෂක ගොඨාභය රාජපක්ෂට පුර්ණ සහයෝගය ලබාදිය යුතු බවට තීරණය කළ බව තොණ්ඩමන් පවසා තිබේ.