தமிழ்
English
Contact
Wednesday 17th July 2019    
ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය ලෙස ගෞරවනීය තීන්දුවක් ගන්නවා - මෛත්‍රීපාල සිරිසේන | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය ලෙස ගෞරවනීය තීන්දුවක් ගන්නවා – මෛත්‍රීපාල සිරිසේන



ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවනීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරියන් සමඟ ඊයේ (19) පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති හමුවක දීය.

ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස සියලුදෙනාට සතුටුවිය හැකි ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙළක් ඔස්සේ පක්ෂයේ කටයුතු ඉදිරියට මෙහෙයවන බවයි.

ඉදිරියේදී පළාත් සභා මැතිවරණය , ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වශයෙන් මැතිවරණ තුනක් ඒමට නියමිතව ඇති බව පැවැසූ ජනාධිපතිවරයා ඒ කිසිවකදී පාක්ෂිකයා අතරමං නොකරන බවද පවසා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානයේ මූලිකත්වයෙන් පැවැති මෙම සමුළුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් ද සම්මත කරගෙන ඇති බව වාර්තා වේ.