தமிழ்
English
Contact
Tuesday 28th January 2020    
ජනාධිපතිවරණයේ සමාජවාදී අපේක්ෂකයා - දුමින්ද නාගමුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණයේ සමාජවාදී අපේක්ෂකයා – දුමින්ද නාගමුව



‘යුක්තිගරුක සමාජයක් – සමාජවාදී අපේක්ෂකයෙක්’ යන තේමාවෙන්  පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරියේ එළඹෙන ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද (09) නම් කරනු ලැබීය.

ඉහත තේමාවෙන් කොළඹ නව නගර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණතර්නම් විසින් දුමින්ද නාගමුව පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාපත්කර ගෙන ඇති බව නිවේදනය කරනු ලැබිණි.

සම්මන්ත්‍රණයට එක්ව සිටි සියලුම දෙනා තම අසුනින් නැගිට දෑත් ඔසවා එම යෝජනාව ඒකමතිකව අනුමත කරනු දක්නට ලැබිණි.