தமிழ்
English
Contact
Friday 22nd November 2019    
ජනාධිපතිවරණය අවසන්වූ විගස MCC අත්සන් කරනවා - ඇමරිකානු තානාපති කාර්යාලය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණය අවසන්වූ විගස MCC අත්සන් කරනවා – ඇමරිකානු තානාපති කාර්යාලය



ජනාධිපතිවරණය අවසන් වූ විගස මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි. එසේම ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමටද අදහස් කරන බව තානාපති කාර්යාලය පවසා තිබේ.

ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ මෙම ගිවිසුම නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබී ඇති බවයි.

MCC ගිවිසුම දැනට කෙටුම්පත්වී ඇති අතර ඊට MCC ආයතනයේ යුරෝපා හා ආසියානු කලාපයේ උප සභාපති ෆාතිමා සුවර් සහ ලංකාව වෙනුවෙන් මුදල් ඇමති මංගල සමරවීර ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව සිටින බව වාර්තා වේ.