தமிழ்
English
Contact
Tuesday 17th September 2019    
ජනාධිපතිවරණ සටන ආරම්භ කරනවා, 2020 අලුත් ආණ්ඩුවක් ! - ජනාධිපති කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරණ සටන ආරම්භ කරනවා, 2020 අලුත් ආණ්ඩුවක් ! – ජනාධිපති කියයි



2020දී අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ(3) පැවති ශ්‍රීල.නි.ප. 68වන සංවත්සරයේදී අදහස් පළ කර තිබිණි.

තමන්ට වයස අවුරුදු 68ක් වන අතරම ශ්‍රිල.නි.ප.යටද වයස 68ක් බවද ඒ අනුව පරිණත වයස බව පවසමින් යෝධ පරිවර්තනයක් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසා සිටියේය. මේ වනවිට ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවාද නැද්ද යන්න පිළිබඳ ජනාධිපතිවරයා කිසිවක් පවසා නැති අතර පොදුජන පෙරමුණ සමග සාකච්ඡා අසාර්ථකවන තත්වය තුළ වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නවාද යන්න නිශ්චිතව පවසා නැත. කෙසේවෙතත් පොහොට්ටුව සමග සන්ධානයකට යාමේ අදහස අත්හැර නැති බව ශ්‍රිල.නි.ප. මහලේකම් දයාසිරි ජයසේකර පවසා තිබුණි.