Posted on 12.30.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ කිරිපිටි අලෙවි කරන වෙළඳසැළක් පොලිස් නියෝග මත විවෘත ලෙස කිරිපිටි අලෙවිය නවතා දැමීම නිසා අද(30) දිනයේ ඒම වෙළඳ සැලෙන් කිරිපිටි මිලදී ගැනීමට පැමිණි ජනතාව දුෂ්කරතාවට පත්වී ඇත.
ඊයේ පෙරවරුවේ මිරිහාන ප්‍රදේශයේ වෙළෙඳසැලක කිරිපිටි මිලදී ගැනීමට බලා සිටි පිරිසක් විසින් ජනාධිපතිවරයා ගමන් කළ මෝටර් රථ පෙළට විරෝධය පළ කර හූ කීම නිසා මෙම වෙළඳසැළට පැමිණි පොලිසිය විසින් වෙළඳසල් හිමිකරුට තර්ජනය කිරීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.
අපගේ මූලාශ්‍ර වාර්තාකරන ආකාරයට වෙළඳසළ වෙත නියෝජ්‍ය පොලිස්පතිවරයකු තවත් පොලිස් නිලධාරින් සියයක් පමණ පැමිණ වෙළඳසල් හිමිකරු බියපත්කර කිරිපිටි අලෙවිය නවතා දමන ලෙස දැනුම්දී ඇත.
කෙසේවෙතත් අද දින මාධ්‍ය විසින් කළ විමසීමකදී අනාවරණය වූයේ ජනාධිපතිවරයා මෙම මාර්ගයේ ගමන් කරන නිසා ඊට බාධාවන ආකාරයෙන් වෙළඳසැළේ සෙනඟ රැස් කිරීම පාලනය කරන ලෙස වෙළඳසල් හිමිකරුට අවවාද කෙරුණු බවකි.