தமிழ்
English
Contact
Friday 16th April 2021    
ජනාධිපතිවරයා ගම සමඟ පිලිසඳරෙදි පරිසරවේදීන්ට චන්ඩි පාර්ට් දානවා - ළහිරු වීරසේකර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපතිවරයා ගම සමඟ පිලිසඳරෙදි පරිසරවේදීන්ට චන්ඩි පාර්ට් දානවා – ළහිරු වීරසේකර



මේ රටේ පරිසරය ඇස් පනාපිට විනාශ වෙදිදි ජනාධිපතිවරයා ගම්වලට ගොස් ඊට එරෙහිව පෙනී සිට්න්නවුන්ට චන්ඩි පාර්ට් දමමින් සිටින බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි. ඔහු පැවසුවේ ගම සමඟ පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිවරයා පරිසර විනාශයන් ගැන බොරු පතුරුවන මාධ්‍ය ආයතනවලට සහ පරිසරවේදීන් කියාගන්නා අයට පාඩම් උගන්නන්න තමන් දන්නා බව සඳහන් කරමින් මාධ්‍ය ආයතන වලට සහ පරිසරවේදීන්ට තර්ජනය කරන බවයි.

ආණ්ඩුව ⁣සිදු කරන පරිසර සංහාරය හා ඊට එරෙහිවන්නන්ට එරෙහිව සිදු කරන මර්දනය සම්බන්ධව ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ළහිරු වීරසේකර මේ අදහස් පළකර තිබේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

“රාජ්‍ය නිලධාරීන් කෲඩියා සිලනිකා ගැන කතා කරද්දී ඒ නිලධාරිනියන්ට ඇමතිවරු බනිනවා පිස්සු ගෑණි කියලා. ගෝඨාභය රාජපක්ෂ ගම සමඟ පිළිසඳරෙදි කියනවා පරිසර විනාශය නවත්තන්න රාජ්‍ය නිලධාරීන් මැදිහත්වෙන්න ඕනලු. කොහෙවත් පරිසර විනාශයක් වෙන්නේ නැහැලු. රඹකැන් ඔය අක්කර දහස් ගණනක් කපනවා. සිංහරාජ ඇතුලේ වැව දෙකක් හදන්න සැලසුම් කරනවා. කෲඩියා සිලනිකා ආරක්ෂා කරන්න තීන්දු තීරණ රජය විසින් අරගෙන තියෙද්දී ඒක අයින්කරලා පාර හදන්න ලොකු ගානක් යනවා කියලා ඒ ගහ කපන්න වැඩ කරනවා. භාග්‍යා කියන දැරිය මාධ්‍ය ආයතනයක පිටපතකට වැඩ කරා කිව්වත් සිංහරාජය කපනවා කියන එක අසත්‍යක්ද? එතකොට චමල් රාජපක්ෂ සිංහරාජයේ වැව් දෙකක් හදනවා කිව්වෙ.

MCC අත්සන් කරගන්න බැරිවුණාට පස්සෙ අවශේෂ වනාන්තර වෙනුවෙන් තිබූ 5-2001 චක්‍රලේඛය අහෝසි කරලා, ගල් වැලි ප්‍රවාහනය වෙනුවෙන් තිබූ පනත් අහෝසි කරා. දැන් මේ වැටිලා ඉන්න ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මිනිස්සුන්ට ඉන්න තියෙන පරිසර පද්ධතිය චීන සමාගම්වලට, ඉන්දියා, ඇමරිකන් සමාගම්වලට විකුණනවා.

හරිනම් අධි සංවේදී පරිසර පද්ධතියක් වෙන සිංහරාජය කපන්න ඕනා කියලා චමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ඕනා . ඒත් රූමස්සල පරිසර පද්ධතිය විනාශ කරන්න එපා කියලා උද්ඝෝෂණය කරද්දී පොලීසිය අධිකරණ නියෝග අරන් එනවා.

මේ ආණ්ඩු කිසි එකකට පරිසරය රකින්න බැහැ. ධනවාදය විශවාස කරමින් පරිසරය රකින්න බැහැ. ලාභය මූලික කරගත්ත ආණ්ඩුවලට පරිසරය රකින්න බැහැ කියලා එදත් අදත් හෙටත් අපි කියනවා. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ලෝක මට්ටමින් ක්‍රියාත්මක වෙන විනාශකාරී ධනවාදයේ නියෝජිතයෝ. ඇමරිකාව, චීනය කිව්වොත් මෙහෙ වනාන්තර ටික කපලා හරි අපිට ආයෝජන අවස්ථා දෙන්න කියලා එක නොකර ඉන්න මේගොල්ලන්ට බැහැ. “

සිංහරාජ රක්ෂිතය තුළ ජලාශ දෙකක් ද සජිතව යෝජනා කර ඇති ගිං – නිල්වලා ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සුක වී ඇත්තේ හම්බන්තොට කර්මාන්ත පුරයෙහි ආයෝජනය කිරීමට සූදානමින් සිටින චීන සමාගම්වල බලපෑම නිසා බවට පරිසරවේදී සජීව චාමිකර මෙම මාධ්‍ය හමුවේදී චෝදනා කර තිබේ.

“ඉතාම පැහැදිලිව අපි දන්නවා මේ වනවිට හම්බන්තොට මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය කරන ජලය ගේන්න පළවෙනිම සැලසුම තමයි උමා ඔය ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළා, පරිසර ඇගයීම් වාර්තාව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වාර්තාවකට මධ්‍යම පරිසර අධිකාරියෙන් බලහත්කාරයෙන් අනුමැතිය ලබාගෙන තමයි ව්‍යාපෘතිය ආරම්භ කළේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදියට අද වනවිට පවුල් 17500කට වැඩි ප්‍රමාණයක් සම්පූර්නයෙන්ම අවතැන් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ෆේල් වෙලා තියෙනවා.

එතකොට ඒ ජලය ගේන්න බැරි හින්දා මේ වනවිට ගිං – නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න හදනවා. මේ ජලය ගේන්නෙ ජල කොල්ලයකට මිසක් ජනතාවට ජලය ලබාදෙන්න නෙවෙයි. අපි දන්නවා මේ වනවිට හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දෙනකොට මූලික එකඟතාවයක් තියෙනවා ඒ ආශ්‍රිතව තව අක්කර 15000ක් දෙන්න චීන කර්මාන්ත ශාලා ස්ථාපිත කරන්න. මේ වනවිට දිගින් දිගටම චීන සමාගම් විසින් බලපෑම් කරනවා ජල ප්‍රශ්නයට විසඳුම් සපයලා දෙන්න, ඒගොල්ලන්ගෙ ආයෝජන කටයුතු සිද්ධ කරන්න කියලා. ඒ සඳහා තමයි මේ සැලසුම සකස් කරන්නෙ” යනුවෙනුයි සජීව චාමිකර සඳහන් කර තිබේ.

මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුව සඳහා පරිසර සංවිධානය එකමුතුවේ කැඳවුම්කරු ඇදුරත්විල චන්ද්‍රජෝති හිමි, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර, මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනමේ කරුණාදාස මුණගම , YOUTH FOR CHEnge ජාතික කමිටු සාමාජික ලහිරු වීරසේකර යන අය සහභාගි විය