தமிழ்
English
Contact
Friday 16th November 2018    
ජනාධිපති අපේක්ෂක යෝජනා නිසා, ගෝඨාභයගේ ජිවිතය අනතුරේ? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති අපේක්ෂක යෝජනා නිසා, ගෝඨාභයගේ ජිවිතය අනතුරේ?



මහින්ද රාජපක්ෂ වෙනුවට ජනාධිපති අපේක්ෂකත්වය සදහා යෝජනා කරන ලද ඔහුගේ බාල සොහයෙුරු ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ බිරිද අද (7) අනතුරකට ලක්වීමත් සමග ඔහුගේ ජීවිතය සම්බන්ධ අනාරක්ෂිතභාවයක් ඇතැයි දේශපාලන අංශවල සාකච්ඡාවක් ඇතිව තිබේ.

හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලෙකම්වරයා ගමන් කරමින් තිබු ජීප් රථය උදෑසන හක්මන, දෙනගම ප්‍රදේශයේ දී අත් ට්‍රැක්ටරයක හැපී අනතුරට ලක්වීමෙන් ට්‍රැක්ටර් රියදුරා තුවාල ලබා ඇති නමුත් ගොඨාභය රාජපක්ෂට හෝ ඔහුගේ බිරිද අනෝමා රාජපක්ෂට කිසිදු හානියක් සිදු වී නොමැත. ගෝඨාභය රාජපක්ෂ යුවල කොළඹ සිට ගමන් ගනිමින් සිටියේ රාජපක්ෂ සහෝදරයන්ගේ පියා වූ ඩී.ඒ.රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය කළ දානමය පිංකමට සහභාගී වීම සදහා මැදමුලන පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසට යන අතරතුරදීය.

මහින්ද රාජපක්ෂගේ පාලනයේදී නගර නිර්මාණය හා වෙනත් කටයුතු සම්බන්ධව සැලසුම් ක්‍රියාත්මක කරමින් මැද පන්තිකයන්ගේ අවධානයට ලක්වූ ගෝඨාභය රාජපක්ෂ මිද පන්තික ඡන්දදායකයන් බහුලව නියෝජනය කරන ජාතිකවාදී දේශපාලන බලවේගවල විශේෂයෙන් සිංහල බෞද්ධ ඡන්ද කෙරෙහි වැඩි නැඹුරුවක් සහිත බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති. මේ නිසා ජාතික නිදහස් පෙරමුණ, හෙළ උරුමය වැනි පක්ෂවල මෙන්ම මහින්ද පාලනය සමයේ බිහිවූ සිහළ රාවය, රාවණා බලය හා බොදුබල සේනා වැනි අනත්වාදී සංවිධානවල නායකයන් විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට හඩ නගමින් සිටී. මහින්ද රාජපක්ෂ සිය පුත්‍රයන්ගේ දේශපාලන අභිවෘද්ධිය සදහා සැලසුම් කරමින් සිටින බැවින් ගෝඨාභය දේශපාලනයේ ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රතිචාර දක්වා නැත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලනයේදී ගෝඨාභය සිය සොයුරාලේ නායකත්වයෙන් වූ පවුල් පාලනය වෙනුවෙන් මර්දනකාරී ක්‍රියාකාරිත්වයක යෙදෙමින් බිහිසුණු ප්‍රතිරූපයක් උරුම කරගත් අතර රාජපක්ෂ ජනාධිපති වශයෙන් දේශපාලනයේ ඉත්තන් භාවිත කිරීමේ ශූරයකු ලෙස ප්‍රසිද්ධ විය.