தமிழ்
English
Contact
Friday 18th September 2020    
ගෝඨාභයගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ කිසිවකු නෑ - ඡන්ද නොවිමසා සම්මත කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨාභයගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ කිසිවකු නෑ – ඡන්ද නොවිමසා සම්මත කරයි!



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ(20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පස්වසරක පාලනයට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයට විපක්ෂයෙ කිසිවකු විරුද්ධ නොවීම නිසා ඡන්ද විමසීමකින් තොරවම ඒය සම්මත වී තිබේ.
ජනාධිපතිවරයා විසින් මෙරට විවිධ ක්ෂෙත්‍රියන් සම්බන්ධ සිය ප්‍රතිපත්තිමය රාමුව සඳහන් කරමින් කළ ප්‍රකාශය ඉදිරි වසර 5 ඔහු ඇතුළු රාජපක්ෂ පාලනයේ දිශානතිය පිළිබිඹු කළ අතර ජනතාවගේ අවශ්‍යතා අතර ප්‍රමුඛ අවශ්‍යතා වෙනුවට තෝරාගත් ජනප්‍රිය කරුනු මත අදහස් දැක්වීමට ජනාධිපතිවරයා ප්‍රවේශම් විය.
කෙසේවෙතත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් ලෙස ජ.වි.පෙ. නියෝජනය සහිත ජාතික ජන බලවේගය , සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ මන්ත්‍රිවරු ඒම ප්‍රකාශය සම්බන්ධ බෙදීමක් ඉල්ලා සිටියේ නැති බැවින් ඒය සම්මත කරන ලෙස කළ ඉල්ලීම හමුවේ කිසිදු විරෝධයකින් තොරව සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂයට හැකි විය.