தமிழ்
English
Contact
Thursday 21st March 2019    
ජනාධිපති ක්‍රමයට එරෙහිව සිවිල් සංවිධාන එකතුවක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ක්‍රමයට එරෙහිව සිවිල් සංවිධාන එකතුවක්!



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා හඩනගන සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනතා ව්‍යාපාරය” නමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ.

සිවිල් සංවිධාන නියෝජිතයන් සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට බලකරමින් පිහිටුවා ගෙන තිබෙන මෙම සංවිධානය විසින් අද (07) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී. ඔක්තෝබර් 26 වැනිදා දේශපාලන කුමන්ත්‍රණය හමුවේ විධායක ජනාධිපති ක්‍රමයට එහෙරිව මතු වූ විරෝධය මෙමගින් ප්‍රකාශයට පත්ව තිබේ.  ඉදිරියේදී මැතිවරණ වසරක් ලෙස එ.ජා.ප. ප්‍රකාශයට පත්කළ තත්වය තුළ විශේෂයෙන් ජනති විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය යෝජනා කරමින් සිය දේශපාලන විරෝධය විධායක ජනාධිපතිවරයාට එරෙහිව මතුකරන්නට අපේක්ෂා කරන බව නිරීක්ෂකයන් විසින් පෙන්වා දී ඇත.

කෙසේවෙතත් ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ කුමන්ත්‍රණය පාලකයන් මෙන්ම සමාජය මුහුණ දී සිටින දේශපාලන අර්බුදයක කොටසක් ලෙස සාකච්ඡා නොවන තලයකදී ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වැනි සටන් පාඨ ඔස්සේ යාමෙන් සහ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ක්‍රියාකාරිවීමෙන්  එම අර්බුදය සතු බරපතළකම වසා දමන බවට දේශපාලන අදහස් පළ වී ඇත.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනතා ව්‍යාපාරය” මාධ්‍ය හමුව සඳහා එක්වූ නියෝජිතයන් මෙසේය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත,

මාරුතයේ හඬ සංවිධානයේ විදර්ශන කන්නන්ගර,

ලංකා වෙළඳ සංගමයේ සුනේෂ් ජයකොඩි,

සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කාන්තාවෝ සංවිධානයේ සුභා විජේසිරිවර්ධන,

වමේ කේන්ද්‍රයේ මහින්ද රත්නායක,

ශ්‍රී ලංකා විද්‍යාර්තයින්ගේ හා වෘත්තිකයින්ගේ සංවිධානයේ ගුණසේන දහනායක,

සමස්ත ලංකා තරුණ හින්දු සම්මේලනයේ ආචාර්ය සතිස් කුමාර් සිවලිංගම්,

සී.ඩී.ආර් සංවිධානයේ ඉක්රාම් නසීර්,

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සමනල්ලු සංවිධානයේ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස්,

විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයේ වසන්ත දිසානායක,

දිදුලන හදවත සංවිධානයේ ගීත රචක රවී සිරිවර්ධන,

52 ව්‍යාපාරයේ හේමමාලී විජේසිංහ,

විද්වත් සංවිධානයේ ආචාර්ය අනුර කරුණාතිලක,

යහපත් සාමාජයක් වෙනුවෙන් ලේඛක ලේඛිකාවෝ සංවිධානයේ සාහිත්‍යෙව්දී කීර්ති වැලිසරගේ,

71 සහෝදරත්ව සංසදයේ යූ.ආර් පෙරේරා,

අලුත් පරපුර සංවිධානයේ රංගනශිල්පී ජගත් මනුවර්ණ

සංගීතවේදී සුදන්ත මාධව