தமிழ்
English
Contact
Sunday 20th January 2019    
ජනාධිපති කාර්යාලය වත්කම් හෙළිකරන්න බෑ කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති කාර්යාලය වත්කම් හෙළිකරන්න බෑ කියයි



2015 සහ 2016 වසර සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය හෙළිදරව් කරණ ලෙස සිදු කරන ලද නියෝගය අභියෝගයට ලක් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගේ වත්කම් ප්‍රකාශ නිකුත් කරන ලෙස ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල ආයනය සිය මූලික ඉල්ලීම 2017 වසරේ පෙබරවාරි මාසයේදී කර තිබේ.

එම ඉල්ලීම, ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින්, එකී තීරණය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන කර තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. එම තීන්දුව අභියෝගයට ලක් කිරීමට ජනාධිපති කාර්යාලය සතු අයිතිය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පිළිගන්නා බව පෙන්වා දෙන එම ආයතනය කොමිෂන් සභාවේ තීන්දුව අභියෝගය ට ලක් කිරීම, විනිවිදභාවය සහ වගවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ ස්ථාවරය සහ කැපවීම මෙන්ම වත්කම් ප්‍රකාශ මහජනතාව අතට පත්කිරීමට රජය විසින් ලබාදී ඇති සහතිකය ද අභියෝගයට ලක් කරන බව පවසා තිබේ.