தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
ජනාධිපති ගෝඨාභයගේ දොස් පැවරීමට සමාන්තරව මහබැංකු නිලධාරින්ට දූෂණ චෝදනා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ගෝඨාභයගේ දොස් පැවරීමට සමාන්තරව මහබැංකු නිලධාරින්ට දූෂණ චෝදනා!



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහබැංකුවේ නිලධාරින්ට තදින් දෝෂාරෝපණය කිරීමෙන් පසුව මහබැංකුවේ නිලධාරින්ට අවමන් කිරීමේ හා දූෂණ චෝදනා නැගීමේ ප්‍රචාරක

ව්‍යාපාරයක් පොහොට්ටුව ආධාරකරුවන් විසින් ආරම්භකර ඇත.
මුද්‍රිත මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවලද මෙවැනි වෛරි චෝදනා ප්‍රචාරය කිරීම සහ ජනාධිපතිවරයාගේ දොස් පැවරීම අතර සම්බන්ධයක් ඇතැයි ඇතැම් මහබැංකු නිලධාරින් අනුමාන කර ඇත. මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියෙම රජයේ නිලධාරින්ට දොස් පවරමින් තමන්ට අවශ්‍ය ආර්ථික සැලසුම් ක්‍රියාවට නැඟීමට නොහැකි නම් ක්‍රියාත්මක කරන්නේ කුමක්ද යන්න පසු දින උදයවන විට දන්වන ලෙස ජනාධිපතිවරයා විසින් තරවටු කරන ලදී.

එයින් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 50 දෙනකු මූල්‍ය කල්බදු හා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් මුදල් හා වෙනත් ප්‍රතිලාභ ලබාගන්නා බව සඳහන් කරමින් ඇතැම් මුද්‍රිත හා සමාජ මාධ්‍යවල ප්‍රවෘත්තියක් පළ විය. එම පුවත මුල් කරගනිමින් මහ බැංකු නිලධාරීන් විෂමාචාර ක්‍රියා කර ඇත්නම් එම නිලධාරීන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලීමක්ද ඉදිරිපත්කර ඇත.

ගෝඨාභය ජනාධිපතිවරයා බලයට පත්ව මාස 6ක් ගෙවී ගියද ජනතාව වෙත සාධනීය යමක් ලබාදීමේ ආර්ථික වැඩපිළිවෙළක් පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා ජනතා අප්‍රසාදය වැඩෙමින් ඇත. කොරෝනා වසංගතය හේතුවෙන්ද ආර්ථික අර්බුදයක් වර්ධනය වන බැවින් මහමැතිවරණය තුළ පොදුජන පෙරමුණු බලය දුර්වලවීමේ අවදානමක් උද්ගතව ඇත මේ නිසා මහබැංකුවේ නිලධාරින්ට ආර්ථික අර්බුදයේ දෝෂය පැවරීම පොදුජන පෙරමුණේ මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පියවරක් බව පැහැදිලි වේ.