Posted on 07.09.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනි දා ඉල්ලා අස්වන බවට කතානායකවරයාට ලිඛිතව දන්වා තිබේ.
අද සවස රනිල් වික්රමසිංහ විසින් කැඳවා තිබුණු පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ පක්ෂ නායකයන්ගේ බලකිරීම වූයේ ජනාධිපති සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවය.
මෙම ඉල්ලීම කතානායකවරයා ජනාධිපතිවරයට ලිඛිතව දන්වා යවා ඇති බවද එම ලිපියට පිලිතුරු ලෙස ජනාධිපතිවරයා කතානායකට සිය ඉල්ලා අස්වීම පිළිබඳව දන්වා ඇතැයි කතානායක කාර්යාලය නිවේදනය කරයි.
කෙසේවුවද රනිල් වික්රමසිංහ අගමැතිවරයා විසින් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ප්රවේශ මාර්ගයක් සකස් කර ඇත්තේ ජනාධිපතිවරයාගේම උඵදෙස් මත බවද දැනගන්නට ඇත.