தமிழ்
English
Contact
Monday 8th March 2021    
ජනාධිපති ගෝඨාභය කැලෑ ඉඩම් වැනසීම නීති ගත කරන්න යයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ගෝඨාභය කැලෑ ඉඩම් වැනසීම නීති ගත කරන්න යයි!



(TopNews) වනාන්තර මිනිස් මැදිහත්වීමෙන් විනාශ කිරීම නීත්‍යනුකූල කාර්යයක් බවට පත් කෙරෙන පියවරකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුල පුරා ඇත.

විවිධ පුද්ගලයන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතවල පාරම්පරිකව කළ වගාවන් සහිත ඉඩම්වලට අයිතිය පිරිනැමීමේ තීරණයක් ගත්බව ජනාධිපතිවරයා පසුගිය 30 වැනිදා ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනට සහභාගි වෙමින් පවසන ලදී.

ජනතාව වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බවද එහිදී ආණ්ඩුවේ තීරණයක් අනුව, අනවසර ඉඩම්වල වගාකළ අයගේ ඉඩම් අයිතිය තහවුඒ=රු කෙරෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත. ඒ යටතේ ඔප්පු දාහත්දාහකට දැනටමත් තම අත්සන තැබූ බව ගම සමග පිළිසඳර වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මොනරාගල දිස්ත්‍රික්කයෙහි තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි හම්බෙගමුව මහ අලුත්වැව ප්‍රදේශයෙහි පැවැති ගම සමග පිළිසඳර වැඩසටහනේදී, වසර ගණනාවක සිට පදිංචිව සිටින තම ඉඩම්වලට ඔප්පු නොමැති බව ජනතාව කරුණු ඉදිරිපත් කළ අවස්ථාවෙහි ජනාධිපතිවරයා මේ බව කීවේය.

මේ වනවිට ගොවි ජනතාව ඉඩම් අහිමිකමින් පීඩා විඳින බව සත්‍යයක් වුවද වගා කිරීමට ඉඩම් ලබාදීමේ හැකියාව ආණ්ඩුවට තිබේ. පරිසරය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ඇත්තේද ජනතාවගේ ජිවත්වීමේ හා ආහාර නිෂ්පාදනයේ අවශ්‍යතා හේතුවෙනි. නමුත් ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ සමාගම්වලට ඉඩම් පැවරීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමටය. වත්මන් ආණ්ඩුව විසින් වන භූමි සමාගම්වලට පැවරීමේ අරමුණින් වැඩ පිළිවෙළක් ගෙන යන බව පසුගිය වසරක කාලයේ අනාවරණය විය.

එහි පියවර කිහිපයක් ලෙස ගැසට් නිවේදන හරහා වනාන්තර භූමි අනවසරයෙන් හෙලිකරනවුන්ට ඒ ඉඩම් පවරාදීමට හැකි පරිසරයක් ඇති කිරීමට උත්සාහයක් මින් පෙර ගනු ලැබුවද පරිසරවේදීන්, වාමාංශික පක්ෂ හා පරිසර හිතකාමී ජනතාව ඊට දැඩි ලෙස විරෝධය දක්වන ලදී. ඒ හේතුව නිසා පසුව ඇතැම් තීරණ අවලංගු කරන ලදී.