தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යංශයට කමල් ගුණරත්න ලේකම් පත් කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂක අමාත්‍යංශයට කමල් ගුණරත්න ලේකම් පත් කරයි



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමති ලෙසද වගකීම භාරගත් පසු නව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පත්මකර තිබේ.

උතුරේ යුද්ධය අවසන් කාලයේ මෙහෙයුම් සම්බන්ධයේ වර්ණනා හා චෝදනා එල්ල වූ නිලධාරියකු ලෙස කමල් ගුණරත්න ආන්දෝලනයට හේතු විය. එසේම යුද්ධයේ අවසන් කාලයේ විවිධ යුද අපරාධ සම්බන්ධ චෝදනා තිබියදී එම අවසන් මෙහෙයුම් පිළිබඳ ආත්ම වර්ණනාවෙන් ඔහු ලියු කෘතියක්ද පසුගිය කාලයේ ජනගත කර තිබිණි.

ජනාධිපති ලේකම්දවරයා ලෙස වගකීම භාරදෙන්නට නියමිත වන්නේ පී.බී. ජයසුන්දරවෙත බවද දැනගන්නට ඇත. ප එසේම භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගලද පත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරීම් අද(19) නිල වශයෙන් සිදුකිරීමට නියමිතව ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.