தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත වරක් රූපවාහිනී ආමන්ත්‍රණයකට සූදානම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත වරක් රූපවාහිනී ආමන්ත්‍රණයකට සූදානම්!



මේ වන විට රට පුරා පාලනය කළ නොහැකි ලෙස ව්‍යාප්තව ඇති කොරෝනා තත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත වරක් රූපවාහිනි මාධ්‍ය ඔස්සේ රටේ ජනතාව ආමන්ත්‍රණය කිරීමට තීරණයකර තිබේ.

වසංගතයේ තත්වය පිළිබඳවත්, රටේ ආර්ථික තත්වය පිළිබඳව සහ රට වසා තැබීමට ඇති අපහසුතා පිලිබඳවත් ජනාධිපතිවරයා හෙට (21) දිනයේ දී එම රූපවාහිනි කතාවේදී කරුණු පැහැදිලි කරනු ඇතැයි වාර්තා වේ .

කෙසේවෙතත් මෙම කතාවට පෙරාතුව, ජනාධිපතිවරයා හෙට පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු අස්ගිරි හිමිවරුන් හමුවී රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා එසේ මහනායක හිමිවරු හමුවන්නේ අද දිනයේ ඔවුන් විසින්ද රට වසා දමන ලෙස ඉල්ලීමක් කර තිබියදීය.