தமிழ்
English
Contact
Thursday 1st October 2020    
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ රෙගුලාසි උල්ලංඝනය කරද්දී පොලිසිය ආරක්ෂාව සපයයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ රෙගුලාසි උල්ලංඝනය කරද්දී පොලිසිය ආරක්ෂාව සපයයි!



මහමැතිවරණයට පොදුජන පෙරමුණ වෙනුවෙන් පවත්වන රැස්වීම්, පිළිගැනීමේ උත්සව ආදියට මහජන මුදල් වැයකරමින් සහභාගිවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ නීති උල්ලංඝනය කරද්දී නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින පොලිසිය ඔහුට ආරක්ෂාව සපයන බව ජනතාව චෝදනා කරති.

මේ වනවිට ජනාධිපතිවරයා රට පුරා පවත්වන මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයන් සංවිධානය කරන උත්සවවලට සහභාගි වන්නේ මැතිවරණ කොමිසම විසින් නිකුත්කර ඇති මැතිවරණ පනතට අදාල රෙගුලාසි සහ කොරෝනා වසංගතය සම්බන්ධව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ පිළිවෙත් සියල්ල ප්‍රසිද්ධියේ උල්ලංඝනය කරමිනි.

මේ සම්බන්ධව සියලු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන පුවත්වල ජනාධිපතිවරයා සහභාගිවන සියලු රැස්වීම්වල ‌ොතරුතරු වාර්තාවන නමුත් ඒහිදී සිදුවන මැතිවරණ නීති බිඳදැමීම් හා නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම් ගැන කිසිවක් වාර්තා නොවේ. විශේෂයෙන්ම කිසිදු මාධ්‍ය ආයතනයකට ඒම අවස්ථා නිදහසේ වාර්තා කිරීමට අවස්ථාව දී නැත. ඒ් වෙනුවට ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කරන සංස්කරණය කළ වීඩියෝ දර්ශන ප්‍රචාරය කෙරෙද්දී පවා දක්නට ඇත්තේ ජනාධිපතිවරයා සිය ක්‍රියාකාරිත්වය තුළ පවා මැතිවරණ නීති හා නිරෝධායන පනත නොතකා කටයුතු කරන බවය.

සමාජ දුරස්තභාවය ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාට ආරක්ෂකයන් විසින් අවස්ථාව සලසන අතර ජනතාව කිටි කිටියේ පොදි ගැසී ඔහු ඉදිරියේ සිටින අවස්ථාවල ජනාධිපතිවරයා සිනාමුසුව එම තත්වය නොතකා කටයුතුකරන බව පෙනේ. මේ සියලු අවස්ථා මාධ්‍ය ආයතන විසින් පක්ෂාග්‍රාහී ලෙස පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරයට යොදාගනී. නීතිය හා විනය ආරක්ෂා කරන බව ජනාධිපතිධුරයට පත්වීමට පෙර පවසා සිටි නමුත් පාර්ලිමේන්තු මැතිවරණය අවස්ථාවේදීවත් නීතිය ආරක්ෂා නොකරන ජනාධිපතිවරයකු ඒම පාර්ලිමේන්තු බලය හිමිකරගත් පසුව කෙසේ කටයුතු කරන්නේදැයි සිතා ගත හැකි බව ‘ලංකාවීව්ස්’ විසින් ඒ් සම්බන්ධව සාමාන්‍ය ජනයා අතුරින් කළ විමසීමකදී අදහස් දක්වා තිබේ.

ජනාධිපති නීති කඩද්දී නීතිය රකින්නට යැයි මහජන මුදලින් පවත්වාගෙන යන පොලිසිය ඔහුට ආරක්ෂාව සපයන බවත් එම විමසිමේදී ඇතැමුන් උපහාසයෙන් පවසා තිබේ. වැටයි නියරයි පඹයොයි සේරම ටෙලි නාට්‍ය පෙන්වන බවට එහිදී ඇතැමුන් ප්‍රතිචාර දැක්වූ බවද වාර්තා විය.