தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
ජනාධිපති ගෝඨාභය, සිය චරිතකතාකරු චන්ද්‍රප්‍රේමට කළ ගුණ සළකයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ගෝඨාභය, සිය චරිතකතාකරු චන්ද්‍රප්‍රේමට කළ ගුණ සළකයි!



ගෝඨාගේ යුද්ධය(Gota’s War) නමින්, 2007-2009 උතුරේ සිදු කළ යුද්ධයට නායකත්වය දුන් පුද්ගලයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්ණනාවට ලක් කරමින් චරිතාපදානයක් ලියු සී.ඒ.චන්ද්‍රප්‍රේම එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස ජිනීවා නගරයට යැවීමට යෝජනාකර ඇත.

ඒ අනුව, 1987-89 අරගලය මර්දනය කිරීමට එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේ ක්‍රියාත්මක වූ ‘ප්‍රා’ ඝාතක කල්ලියේ සාමාජිකයකු බවටත් මානව හිමිකම් නීතිඥයන් ඇතුළු පුද්ගලයන් ඝාතනය කිරීමට වගකිවයුතු බවට චෝදනා නැගී ඇති චන්ද්‍රප්‍රේම ලංකාවේ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයකුගේ තනතුරට පත් කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇත.

‘ප්‍රා’ ඝාතකයන් අතර ‘තඩි ප්‍රියන්ත’ ලෙස නාමකරණය ලැබූ චන්ද්‍රප්‍රේම සම්බන්ධයෙන් බටලන්ද වධකාගාරය භාරව සිටි ඩග්ලස් පීරිස් විසින් ලබා දෙනු ලැබූ දිවුරුම් පෙත්සමකට අනුව, කාංචන අබේපාල, චරිත ලංකාපුර හා නිශ්හංක යන නීතිඥවරු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට චන්ද්‍රප්‍රේම සම්බන්ධ වී ඇත. එම චෝදනා යටතේ 2000 වසරේදී අත්අඩංගුවට පත්ව සිටියද චන්ද්‍රප්‍රේම සම්බන්ධයෙන් ‘උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව’ වෙත සඳහා ලබා දී ඇති පොලිස් වාර්තාවක ඒ කිසිවක් සඳහන් කර නැත. ‘ප්‍රමාණවත් සාක්ෂ්‍ය නොමැත’ යන හේතු මත අපරාධකරුවන් නිදහස්කරන රාජ්‍ය ආරක්ෂාවේ ක්‍රමවේදයට අනුව නිදහස් කරන ලද චන්ද්‍රපේ්‍රම කලක් පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙස කටයුතු කළ අතර පසුව පොත් කිහිපයක්ද රචනා කළේය. තමන් විසින් ඝාතකයකු ලෙස කටයුතු කළ 1987- 1989 යුගයේ ජවිපෙ සන්නද්ධ අරගලය සම්බන්ධයෙන් ඔහු විසින් ලියු කෘතිය, Sri Lanka, the years of terror: The J.V.P. insurrection, 1987-1989 නමින් පළ කර ඇත. ඔහු විසින් රචනා කරන ලද ‘කොළපාට සමාජය’ කෘතිය මගින් 1977න් පසුව ජේ.ආර්.ජයවර්ධන ආරම්භ කළ නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ හා ඒ වෙනුවෙන් බලය කේන්ද්‍රගත කරමින් ගෙන ගිය අත්තනෝමතික දේශපාලනය යුක්තියුක්ත කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ වර්ණනා කරමින් ගෝඨාගේ යුද්ධය ලියා පළ කිරීම සහ ජනාධිපතිවරණයේදී ‘එළිය’ සංවිධානයේ ප්‍රකාශකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදුන් ප්‍රචාරක සහාය සම්බන්ධයෙන් ඔහුට ජිනීවා යන්නට අවස්ථාව ලබා දෙමින් ජනාධිපතිවරයා විසින් කළ ගුණ සළකා ඇති බවට රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ සාකච්ඡාවට ලක්ව ඇත.

එළඹෙන පෙබරවාරි 28වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට පෙර සී.ඒ. චන්ද්‍රප්‍රේම ජීනීවා නගරයට පැමිණ වැඩ බාරගන්නට නියමිත බව දැනගන්නට ඇත. එහෙත් ඒ සඳහා
‘උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව’ විසින් ඔහුගේ ‘පත්වීම’ අනුමත කළ යුතුව තිබේ. එම කාරක සභාවේ සාමාජිකත්වය මෙසේය.

කථානායක කරු ජයසූරිය, චමල් රාජපක්ෂ, ආරුමුගන් තොණ්ඩමන්, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, අනුර ප්‍රියදර්ශන යාපා, කෙහෙලිය රඹුක්වැල්ල, විදුර වික්‍රමනායක, ෆයිසර් මුස්තාපා, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, සරත් අමුණුගම, රවුෆ් හකීම්, රවී කරුණානායක, විජිත හේරත්, විජේදාස රාජපක්‍ෂ, මනෝ ගනේසන්, ඉරාන් වික්‍රමරත්න, බිමල් රත්නායක, මාවෛ සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, එම්. ඒ. සුමන්තිරන්

මෙම කමිටුවට යම් කිසි පත්වීමක් හිමි පුද්ගලයන් සම්බන්ධ විමර්ශනයක් පවත්වා ඔහු හෝ ඇය ඊට නුසුදුසු බව ප්‍රකාශ කිරීමට මාස 3ක කාලයක් ලැබේ. මෙම කාලය තුළ අදාළ පුද්ගලයන්ගේ නාමලේඛනය මාධ්‍ය මගින් ප්‍රචාරය කරවා ඔවුන් සම්බන්ධ විරෝධතා ඇත්නම් ජනතාවට ඒවා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම කළ යුතුව තිබේ.

චන්ද්‍රප්‍රේම සම්බන්ධ පෞද්ගලික තොරතුරු