தமிழ்
English
Contact
Friday 18th September 2020    
ජනාධිපති ගෝඨා ව්‍යවස්ථා වානා! - බන්දුලගෙන් අනාවරණයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ගෝඨා ව්‍යවස්ථා වානා! – බන්දුලගෙන් අනාවරණයක්!



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොතකා කටයුතු කරන බව ඇමති බන්දුල ගුණවර්ධන අනාවරණය කරයි.

ආරක්ෂක අමාත්‍ය බලතල ජනපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද(23) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

ජනාධිපතිවරයා සතු බලතල 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අඩු කළ තත්වය තුළ ආරක්ෂක අමාත්‍යවරයා නම්කර නොමැත්තේ ඇයිද යන්න මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්ථාවේ මේ බව ප්‍රකාශ කෙරිණි. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධ කරුනු සඳහන්වන්නේ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ VIII පරිච්චේදයට අයත් ‘විධායකය’ යන ශිර්ෂය යටතේය. ඒ අනුව, ඇමතිවරු පත්කිරීම සම්බන්ධ ව්‍යවස්ථාමය නීතිය ප්‍රකාශවන්නේ VIII පරිච්චේදයට අයත් 43 වැනි වගන්තිය තුළය. එහි (2) උපවගන්තියේ මෙසේ සඳහන් වේ. “ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාතයවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරුන් පත් කළ යුත්තේය” එහෙත් මෙම නීතිමය තත්වය නොතකා පසුගිය ඇමති මණ්ඩල පත් කිරීමේදී ආරක්ෂක ඇමති යන ප්‍රධාන ඇමතිධුරයට කිසිවකු පත් නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ අතර මේ සම්බන්ධ කිසිදු ප්‍රසිද්ධ අදහසක්ද පළ නොකරන්නට වගබලාගෙන තිබේ. මේ කාරණය පසුගිය මාස දෙකක කාලය තුළ ජනාධිපතිවරයාගෙන් විමසන්නට ඔහු හා භෝජන සංග්‍රහවලට සහභාගි වූ කිසිදු මාධය ආයතන ප්‍රධානියකු හෝ මාධ්‍යවේදියකු උනන්දු වූයේ නැත. කෙසේවෙතත් ඇමති මණ්ඩල තීරණ ප්‍රකාශයට පත්කරන්නට අද පැවති මාධ්‍ය හමුවේදී නිශ්චිත වශයෙන් මෙම කාරණය විමසන ලදුව ආරක්ෂක ඇමති නම් නොකරන තත්වය තුළ ඇත්ත වශයෙන්ම ආරක්ෂක ඇමති වගකීම ජනාධිපතිවරයා විසින් උසුලන බව නිල වශයෙන් පළමුවරට අනාවරණය කරන ලදී. මෙය ජනාධිපතිවරයා විසින් දැනුවත්ව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස සැළකිය හැකිය. එබැවින් ය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගී චෝදනාවක්ද වනු ඇත.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්නය මතු කළ මාධ්‍යවේදියාට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ආරක්ෂාව පිළබඳව සුදුසුකම් ඇති පුද්ගලයෙකු පත්කර ඇති හෙයින් ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නොමැති බවකි.