தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය - CID ජනාධිපතිගෙනුත් ප්‍රකාශයක් අරන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය – CID ජනාධිපතිගෙනුත් ප්‍රකාශයක් අරන්!



ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පවතින චෝදනා සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තමාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
පසුගිය වසරේ එක්වරම මෙම කුමන්ත්‍රණ චෝදනාව ගෙන එනු ලැබුවේ මේ ‘නාමල් කුමාර’ නමැති පොලිස්යට තොරතුරු සපයමින් ඔත්තුකරුවකුව සිටි පුද්ගලයෙකි. ඔහු ‘දූෂණ විරෝධී බලකාය’ නමින් සංවිධානයක මෙහෙයුම් අධ්‍යක්ෂ බවට තමා හදුන්වාගෙන සිය මව්පිය දෙදෙනා සමග මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් මෙම චෝදනාව සිදු කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිහිපදෙනකුට හා දේශපාලන ක්ෂේත්‍රයේ පිරිසකටය. ජනාධිපතිවරයාට අමතරව ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ ඉලක්කයක්ද කුමන්ත්‍රණකරුවන්ට ඇති බවද ඔහු පවසා තිබිණි. මෙම චෝදනාව සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ යම් අවධානයක් යොමු කරවීමට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දෙන ලදී. පසුව එම ඝාතන චෝදනාවට විදේශගත ලාංකිකයන්ද සම්බන්ධ බව පැවසූ ඔහු සරත් ෆොන්සේකාද එයට සම්බන්ධ බව පැවසීය. එම චෝදනාවලට අදාළ හඩපට ලෙස ඔහු සිය ජංගම දුරකථනයෙන් සුරක්ෂිත කළ හඩ පට සිය ගණනක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් නමුත් ජනාධිපති ඝාතනය සම්බන්ධ සාධක ඒවායේ අඩංගු නැති බව දැනගන්නට ඇත.
මෙම පුද්ගලයා සම්බන්ධ වෙනම සිදුකළ විමර්ශනයකදී ඔහු ව්‍යාජ සහතික ඉදිරිපත්කර ආරක්ෂක හමුදාවලට සම්බන්ධවීමට උත්සාහ දරා ඇති අයකු බවද ඔහු කරන ප්‍රකාශ සම්බන්ධ විශ්වසනීයත්වයේ ගැටලු ඇති බවද පසුව අනාවරණය විය. ජනාධිපතිවරයාගෙන්ද මේ විමර්ශනයට ප්‍රකාශයක් ලබා ගන්නට ඇත්තේ නාමල් කුමාර විසින් කරන චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යම් දෙයක් දන්නවාද යන්න අනාවරණය රගැනීමට බව පොලිස් ආරංචි මාර්ග පවසයි.