தமிழ்
English
Contact
Monday 10th December 2018    
ජනාධිපති මෛත්‍රිපාල, හතරවැනි වරටත් අධිකරණය මග හරී! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති මෛත්‍රිපාල, හතරවැනි වරටත් අධිකරණය මග හරී!



අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද සිව්වැනි වරටත් කොළඹ මහාධිකරණය වෙත සාක්ෂිදීමට නොපැමිණි නිසා මහාධිකරණය විසින් අද (09) පස්වන වතාවටත් ඔවුන් වෙත සිතාසි නිකුත් කර තිබේ.

හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායකට එරෙහිව ගොනු කර තිබෙන කූට ලේඛණ නඩුවේ සාක්ෂි දීම සඳහා ජනවාරි මස 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා මෙසේ සිතාසි යවන්නට නියමිතය. මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සිය ලේකම්වරු මාර්ගයෙන් අධිකරණයට ලිඛිතව දන්වා තිබෙන්නේ සිය විදේශ සංචාර හේතුවෙන් අද දින සාක්ෂි දීම සඳහා අධිකරණයට පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. සාක්ෂිකරුවන්ගේ තරාතිරම අධිකරණයට වැදගත් නොවන බව අධිකරණයේදී ප්‍රකාශ වූ අතර නීතිය ඉදිරියේ සියලුම දෙනා සමාන බව ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ද සදහන්ව ඇත. සාමාන්‍ය පුරවැසියකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිතාසි ලැබුණහොත් එසේ පෙනී සිටීමට නොහැකි නම් ඒ වෙනුවෙන් කළ යුතු විධිවිධාන ගණනාවකි. එහෙත් අගමැති හා ජනාධිපති සාමාන්‍ය වැසියන්ට වැඩි වරප්‍රසාද ලබමින් විදේශ සංචාර නිසා අධිකරණය මගහැර සිටීමේ වරප්‍රසාද ලබා තිබීම අධිකරණයට අපහාසයකි. කෙසේවෙතත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මෙම අධිකරණය මගහැර සිටිනවාද යන ගැටලුව අධිකරණ ශාලාවේ සාකච්ඡාවට බදුන් වූයේ නැත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාක්ෂි දීම සඳහා අද දින අධිකරණයේ පෙනී නොසිටිය ද වෙනත් සාක්ෂිකරුවන් යොදා ගෙන නඩුව ආරම්භ කිරීමට තමන් සූදානම් වන බවයි. කෙසේවෙතත් විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා වෙනත් නඩුවකට සහභාගී වන හෙයින් මෙම නඩුවේ විභාගය කල් තබන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයට දන්වා සිටියේ විත්තියේ නීතිඥවරු එසේ නඩුව කල් දමන මෙන් ඉල්ලා සිටිය ද මෙම නඩුවේ විත්තිකරු ගුවන්විදුලි වැඩසටහනකදී අදහස් දක්වමින් පැමිණිල්ල මෙම නඩුව ප්‍රමාද කරමින් සිටින බවට චෝදනා එල්ල කර ඇති බව පැවසීය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අධිකරණ නියෝග නොතකා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නීතිඥවරුන්ගේ අවධානය යොමු වූයේ නැත. ඒ නිසා නැවතවරක් සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන්නට මහාධිකරණ විනිසුරුවරයාට සිදු විය.