தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
ජනාධිපති මෛත්‍රි, ගෝඨාට එරෙහිව මහින්දගේ කුණුගොඩ අවුස්සයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති මෛත්‍රි, ගෝඨාට එරෙහිව මහින්දගේ කුණුගොඩ අවුස්සයි!



2015ට පෙරාතුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේ ජනාධිපති කාර්යාලයේ වැයශිර්ෂ අතර නොගෙවු මිලියන 4400ක් පිළිබද කැබිනට් මන්ඩලයට කරුනු ඉදිරිපත් කරන්නට ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන පියවර ගෙන ඇත.

2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් ගෙවීමට නියමිතව තිබූ රු. මිලියන 4400 ක්  ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන ඊයේ (13) අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම ගෙවීම්, 2015 ට පෙර, ජනාධිපති කාර්යාලය විසින් ලබාගන්නා ලද විවිධ භාණ්ඩ හා  සේවා වෙනුවෙන් ආයතන 259 කට පමණ ගෙවීමට ඇති ණය ප්‍රමානයකි. විගණකාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීමකට අනුව, ඇමැති මණ්ඩලය දැනුවත් කිරිම සඳහා කැබිනට් සංදේශය ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කිරීමත් සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එයට සතුරු ප්‍රතිචාර දක්වමින් සිටින බව දක්නට ලැබේ. ජනාදිපතිවරණයට පෙරාතුව පළාත් සභා මැතිවරණය කැදවීමේ හැකියාව ඇත්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට පියවර ගැනීමෙන්ද ඒ බව අනාවරණය වේ.