தமிழ்
English
Contact
Sunday 20th January 2019    
ජනාධිපති මෛත්‍රි, ජනාධිපතිවරණයකට ලෑස්ති වෙනවලු, මහමැතිවරණයක් ගැනත් ඉගි කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති මෛත්‍රි, ජනාධිපතිවරණයකට ලෑස්ති වෙනවලු, මහමැතිවරණයක් ගැනත් ඉගි කරයි!



මහින්ද රාජපක්ෂ සමග බල සූදුවේ ජයග්‍රහණ අත්පත් කරගන්නට ඔක්තෝබර් 26 වැනිදා කුමන්ත්‍රණයක් සිදුකළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2019 මැතිවරණ වසරක් ලෙස සළකා ඊට සූදානම් වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට පවසා ඇත.

ජනාධිපතිවරයා අද(24)  පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම අමතමින් පවසා ඇත්තේ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙන බවත් ඇතැම්විට මහමැතිවරණය වුවද ලබන වසරේ පැවැත්විය හැකි බවත්ය. දැනට සංවිධායකධුර පුරප්පාඩුව පවතින ආසනවලට සහ සංවිධායකයින් සිටින ආසනවලට 2019 ජනවාරි මුලදී අලුතින් සංවිධායකවරුන් පත්කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.