Posted on 06.20.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන පිවිසුම් දොරටු දෙක අවහිර කළ 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් මේ ආකාරයට සාමකාමි ලෙස විරෝධය පෑමේදී අතර පොලිසිය විසින් කාන්තාවන් හතර දෙනකු ඇතුළු විරෝධතාකරුවන් 21ක් අත්අඩංගුවට ගෙන ඇත.
අද දිනයේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලවල පිරිස හා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තිබූ සාකච්ඡාවලට පවා බාධා එල්ල වූ බව පවසමින් මෙසේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.