தமிழ்
English
Contact
Sunday 23rd February 2020    
සජිත්ගෙන් නව අගමැතිවරයෙකු ගැන පොරොන්දුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සජිත්ගෙන් නව අගමැතිවරයෙකු ගැන පොරොන්දුවක්



තමා ජනපති වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි නව අගමැතිවරයෙකු පත්කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි. තමාගේ ඇමති මණ්ඩලය දූෂණ අක්‍රමිකතා චෝදනා තිබෙන කිසිවෙකුත් ඇතුළත් කර නොගන්නා බව සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා තිබේ.

තමන් කමිටු පත්කරමින් කාලය කා දැමීමට බලාපොරොත්තු නොවන බවද ප්‍රශ්නවලට ඍජු සහ නිවැරදිව පිළිතුරු ලබාදෙන බව ඔහු පවසයි. එසේම පවුල්වාදී ගජමිතුරු දේශපාලනයද අවසන් කළයුතුව ඇති බව සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා තිබේ.