தமிழ்
English
Contact
Sunday 31st May 2020    
ජනාධිපති සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය ඇමති අතර හමුවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජනාධිපති සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය ඇමති අතර හමුවක්



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (13) සිදුව තිබේ. එහිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ පවසා තිබේ.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ආර්ථිකය ගොඩනැගෙමින් පවතින බැවින් ජපන් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සුබදායී පරිසරයක් ගොඩනැගී ඇතැයි ජපාන රාජ්‍ය ඇමතිවරයා සඳහන් කර ඇත.

ආරක්ෂාව, යටිතල පහසුකම්, කර්මාන්ත සහ වෙනත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව ජපානය ප්‍රවීණත්වයක් උසුළන බැවින් එම අත්දැකීම් සමග ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් සැපයීමට ජපානයට හැකි බවද ජපාන රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ .

මෙහිදී උසස් තාක්ෂණයෙන් යුත් එකලස් කිරීමේ කාර්මාන්තයන්හි ආයෝජන අවස්ථාවන් මෙරටට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජපාන රජයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.