தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
ජන අරගලය මර්දනය කිරීමට රනිල්ගේ හදිසිය, අනුමත කළ මන්ත්‍රීවරු මෙන්න! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජන අරගලය මර්දනය කිරීමට රනිල්ගේ හදිසිය, අනුමත කළ මන්ත්‍රීවරු මෙන්න!



ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වන විරෝධය දැක්වීම හා සාමුහික හඬනැගීම් මර්දනය කිරීම අරමුණු කරගෙන පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැනවූ හදිසි නීතිය දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් මන්ත්‍රීවරු කුවරුන්දැයි ජනතාව අතර කුතුහලයක් විය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හා ඔහු විසින් ප්‍රජාතන්ත්‍රවිදය නොතකා පත්කළ අගමැතිවරයාට වහා ඉල්ලා අස්වන ලෙස ගාලුමුවදොර අරගලයේ මෙන්ම රටපුරා ජනයාගේ අරගලයේ ප්‍රධාන සටන් පාඨයක් විය. මෙමතතු යටතේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පලා ගිය අවස්ථාවේ වැඩබලන ජනාධපිත ලෙස පත් කළ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේදී ජනාධිපති ලෙස පත් කිරීමට රහසිගත ඡන්දය ප්‍රකාශ කිරීම නිසා එසේ ඡන්දය දුන් මන්ත්‍රීවරු කවුරුන්දැයි දැනගැනීමේ අවස්ථාව ජනතාවට අහිමි විය.

ආර්ථික දුෂ්කරතා මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය සහ ප්‍රජාතන්ත්‍රවිරෝධි ආණ්ඩුකරණය නිසා පීඩාවට පත් ජනතාව අරගලයක යෙදී සිටියදී ඊට පහරදී මට පොදුජන පෙරමුණු දේශපාලන නායකයන් මැයි 9 වැනිදා කරටයුතු කළ ආකාරයෙන්ම පසුගිය ජූලි 22 වැනිදා සන්නද්ධ භටයන් යොදවා පහරදුන්නේ රනිල් වික්‍රමසිංහගේ අවශයතාවට බව ජනතාවගේ මතයයි.

මේ තත්වය තුළ පාලර්ලිමේන්තුවේදී හදිසි නීතිය දීර්ඝ කරවා අරගලකරුවන් මර්දනය කිරීමේ අරමුණින් පත්කළ ජනාධිපතිවරයා ගෙන යන කෘර කුමන්ත්‍රණයට අත සවූ මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න සාමාන්‍ය ජනතාව අතර පසුගිය දිනවල කුතුහලයක් ඇතිකළ කරුණක් විය.

මේ වනවිට ඒසේ හදිසි නීථිය සම්මත කිරීමට ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ගේ නාමාවලියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ ඡන්දය ප්‍රකාශ කළ මේ අයගේ නාමාවලිය පහත පළ කරමු.