தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
ජ'පුර ශිෂ්‍ය සභා සභාපති පැහැර ගනී - අපරාධකාරී පාලනය යළි අරඹයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජ’පුර ශිෂ්‍ය සභා සභාපති පැහැර ගනී – අපරාධකාරී පාලනය යළි අරඹයි!



ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් ශිෂ්‍යයා නාඳුනන රියකින් පැහැර ගෙන ගොස් ඇත.

අද දහවල් ඔහු කොළඹ පැවැත්වෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතාවට සහභාගි වීම පිණිස විශ්වවිද්‍යාලය අසළින් ගමන් කරමින් සිටියදී මෙම පැහැරගැනීම සිදුව ඇත.
ඔහු, ප්‍රදේශයට අයත් මිරිහාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත්දැයි විමසීමේදී පිළිතුර වී ඇත්තේ එසේ අත්අඩංගුවට ගෙන නැති බවයි. මීට අමතරව, තවත් පොලිස් ස්ථාන ගණනාවකින් විමසා බැලුවද එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුව නැත.